Wednesday, November 4, 2026
HomeNEWSමුදලිගේ නිදහස් කිරීමට එරෙහි පෙත්සම කල්යයි

මුදලිගේ නිදහස් කිරීමට එරෙහි පෙත්සම කල්යයි

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කිරීමට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනය අප්‍රේල් මස 03 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

එම අභියාචනය අද (27) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

එහිදී මහාධිකරණය රෙජිස්ට්‍රාර්වරයා දැනුම් දුන්නේ, මහාධිකරණ විනිසුරුවරයා අද දින නිවාඩු ලබා සිටින හෙයින් අදාළ පෙත්සම සලකා බැලීම සඳහා අප්‍රේල් මස 03 වනදා කැඳවන බවය.

අද පෙත්සම කැඳවූ අවස්ථාවේ දී වගඋත්තරකාර වසන්ත මුදලිගේ ද අධිකරණය හමුවේ පෙනී සිටියේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට සිටි වසන්ත මුදලිගේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව සඳහන් කරමින් නිදහස් කර තිබුණි.

එසේ නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ගත් තීරණය නීතියට පටහැනි යැයි තීන්දු කොට එය ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලමින් නීතිපතිවරයා විසින් එම අභියාචනය කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මාලිමා ආණ්ඩුව වමට සිග්නල් දමා දකුණට යනවා- විපක්ෂ නායක සජිත්

වමට සිග්නල් දමා දකුණට යන නව ලිබරල්වාදී මාලිමාවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමන එකින් එක අනාවරණය කරනවා- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනාවරණය කරයි ඉස්සර...

පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවල රාජ්‍ය නායකයින් සමඟ අග්‍රාමාත්‍යතුමිය සාකච්ඡ ආරඹයි

පොදුරාජ්‍ය මණ්ඩලයීය සාමාජික රටවල රාජ්‍ය නායකයින් සහ නියෝජිතයින් සමඟ අග්‍රාමාත්‍යතුමිය ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වෙයි ඇන්ටිගුවා සහ බාබුඩාහි පැවැත්වෙන 2026 පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට (CHOGM)...

අමෙරිකානු මධ්‍යවාර මැතිවරණයෙන් ට්‍රම්ප්ගේ බලකොටු බිඳ වැටෙයි

2026 අමෙරිකානු මධ්‍යවාර මැතිවරණයෙන් බහුතර බලය වන මන්ත්‍රී ආසන 218 සීමාව ඉක්මවා යමින් ඩිමොක්‍රටික් පක්ෂය ආසන 244ක බලට හිමිකරගනු ඇති බවට පුරෝකථනය කෙරේ -...

ශ්‍රී ලංකා – නෝර්වේ ධීවර සබඳතා නව මාවතකට

ශ්‍රී ලංකා - නෝර්වේ ධීවර සබඳතා නව මාවතකට: දේශීය ධීවර කර්මාන්තය නගා සිටුවීමට නෝර්වේ රාජ්‍යයෙන් පූර්ණ සහය... ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img