Monday, November 2, 2026
HomeNEWSමෙම වසර අවසන්වීමට පෙර සංවර්ධන සැලසුම් 29ක් ගැසට් කිරීමට සැලසුම්-ඇමති ප්‍රසන්න.

මෙම වසර අවසන්වීමට පෙර සංවර්ධන සැලසුම් 29ක් ගැසට් කිරීමට සැලසුම්-ඇමති ප්‍රසන්න.

 මෙම වසර අවසන්වීමට පෙර සංවර්ධන සැලසුම් 29ක් ගැසට් කිරීමට සැලසුම්… දැනටමත් සංවර්ධන සැලසුම් පහක් ගැසට් කර අවසන්… 2024 – 2026 දෙවසර තුළ සංවර්ධන සැලසුම් 66ක් ගැසට් කිරීමට තීරණය කරයි…- ඇමති ප්‍රසන්න- ඇමති ප්‍රසන්න රණතුංගමෙම වසර තුළ සංවර්ධන සැලසුම් 29 ක් ගැසට් කිරීමට නියමිත බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි. ඊට අදාළ කටයුතු කඩිනමින් සිදු කරන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.මහා මාතර සංවර්ධන සැලසුම, හික්කඩුව සංවර්ධන සැලසුම, අම්බලන්ගොඩ නගර සභා සංවර්ධන සැලසුම, සීතාවක ප්‍රාදේශීය සභා සංවර්ධන සැලසුම, සීතාවකපුර සංවර්ධන සැලසුම, පානදුර සංවර්ධන සැලසුම, හොරණ සංවර්ධන සැලසුම, වත්තල සංවර්ධන සැලසුම, ජා-ඇළ සංවර්ධන සැලසුම, ගම්පහ සංවර්ධන සැලසුම, කටාන සංවර්ධන සැලසුම, මහර සංවර්ධන සැලසුම, කැකිරාව සංවර්ධන සැලසුම, තලාව සංවර්ධන සැලසුම, මාවනැල්ල සංවර්ධන සැලසුම, කුණ්ඩසාලේ සංවර්ධන සැලසුම, නාවලපිටිය සංවර්ධන සැලසුම, ගම්පොළ සංවර්ධන සැලසුම, හැටන් සංවර්ධන සැලසුම, වැලිමඩ සංවර්ධන සැලසුම, බණ්ඩාරවෙල සංවර්ධන සැලසුම, වැල්ලවාය සංවර්ධන සැලසුම, වව්නියාව සංවර්ධන සැලසුම, මඩකලපුව සංවර්ධන සැලසුම, අම්පාර ප්‍රදේශීය සංවර්ධන සැලසුම ගැසට් කිරීමට නියමිතය.එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ත්‍රීකුණාමලය සංවර්ධන සැලසුම, ඇල්ල සංවර්ධන සැලසුම, හම්බන්තොට සංවර්ධන සැලසුම හා හික්කඩුව සංවර්ධන සැලසුම ගැසට් කිරීමට නියමිත බවද නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. මේ අතරින් ඇල්ල සංවර්ධන සැලසුම මේ වනවිට ගැසට් කර තිබේ. නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙම වසරේ ජනවාරි මස 01 වැනිදා සිට සැප්තැම්බර් 30 වැනිදා දක්වා කාලය තුළ සංවර්ධන සැලසුම් පහක් ගැසට් කර තිබේ. ඒවානම් කුරුවිට ප්‍රාදේශීය සභා සංවර්ධන සැලසුම, රඹුක්කන ප්‍රාදේශීය සභා සංවර්ධන සැලසුම, පැල්මඩුල්ල/කහවත්ත සංවර්ධන සැලසුම, කුලියාපිටිය සංවර්ධන සැලසුම, කිළිනොච්චි (කරච්චි ප්‍රාදේශීය සභාව) සංවර්ධන සැලසුමයි.නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ 2024 – 2026 දෙවසර තුළ සංවර්ධන සැලසුම් 66ක් ගැසට් කිරීමට සැලසුම් කර ඇති බවයි. ඒ අතරට මහනගර සභා 6ක්, නගර සභා 14ක්, ප්‍රාදේහීය සභා 46ක් ඇතුළත් බවද අමාත්‍යවරයා පවසයි.දැනට ප්‍රකාශයට පත්කර ඇති ඇතැම් සංවර්ධන සැලසුම්වල ගැටළු සහගත තත්ත්වයන් පවතින බව කී අමාත්‍යවරයා එම ගැටළු කඩිනමින් විසඳාගැනීමෙන් සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන ප්‍රමාදයන් වළක්වාගත හැකි බවද පැවසීය.විෂය භාර අමාත්‍යවරයා විසින් නාගරික සංවර්ධන බල ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලබන ඕනෑම ප්‍රදේශයක් සදහා සංවර්ධන සැලැස්මක් සකස් කර එය ක්‍රියාත්මක කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය බැඳී සිටී. ඒ 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරී පනත මගිනි.ඒ අනුව දැනට ප්‍රකාශිත නාගරික ප්‍රදේශ 276ක් සඳහා සංවර්ධන සැලසුම් සකස් කිරීමේ වගකීම නාගරික සංවර්ධන අධිකාරිය වෙත පැවරී ඇත. 1999 වසරේ සිට 2023 සැප්තැම්බර් 30 වැනිදා දක්වා කාලයතුළ පළාත් පාලන ආයතන 87ක් ආවරණය කරමින් පැරණි කල් ඉකුත් වූ සංවර්ධන සැලසුම් හා සංශෝධිත සැලසුම් 56ක් නැවත ප්‍රකාශයට පත්කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් පියවර ගෙන තිබේ. ප්‍රදීප් අනුර කුමාර(ගරු ප්‍රසන්න රණතුංග ඇමතිතුමාගේ මාධ්‍ය ලේකම්)077 9633516

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට සුදු ඩීසල් ලීටරයක් රු:5 කින් ඉහළට. නව මිල (රු:397), සුපිරි ඩීසල් රු:15 කින් ඉහළට. නව මිල (රු:543), ඔක්ටේන් 95 රු:15 කින්...

දුම්බර බන්ධනාගාරයෙන් පලා යෑමට තැත්කළ රැඳවියෙකු වෙඩි තැබීමකින් මරුට

දුම්බර බන්ධනාගාරයේ සිටි රැදවියෙකු පලායෑමට තැත් කිරීමේදී බන්ධනාගාර නිලධාරීන් සිදුකළ වෙඩිතැබීමකින් ජීවිතක්ෂයට: බන්ධනාගාර දෙපාර්තමේන්තුව .

විශ්වාසය ගොඩනැගීමේ මාධ්‍යයේ කාර්යභාරය විදේශ ඇමති විජිත අවධාරණය කරයි

සත්‍යය තහවුරු කිරීම, මහජන විශ්වාසය ගොඩනැගීම සහ සාමය ප්‍රවර්ධනය කිරීමේදී මාධ්‍යයේ කාර්යභාරය අමාත්‍යවරයා අවධාරණය කරයි සාවද්‍ය තොරතුරු පැතිරීම වැළැක්වීම, මහජන විශ්වාසය තහවුරු කිරීම සහ ප්‍රජාවන්...

රජය, රාජ්‍ය ත්‍රස්තවාදය ජනතාවගේ කරපිට පටවන පනත් 02ක් ගෙනවිත් – විපක්ෂ නායක සජිත්

රජය නීත්‍යානුකූලව රාජ්‍ය ත්‍රස්තවාදය ජනතාවගේ කරපිට පටවන පනත් 02ක් ගෙනවිත් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ පුරවැසියන් ලෙස සියලු දෙනාටම මූලික හා මානව අයිතිවාසිකම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img