Tuesday, August 25, 2026
HomeNEWSමෙරට ප්‍රථම තරු හතේ හෝටලය සමඟ සංචාරක ගම්මානයක්.ආයෝජනය කිරීමට.දැන්ම අමතන්න… 0772400700 /...

මෙරට ප්‍රථම තරු හතේ හෝටලය සමඟ සංචාරක ගම්මානයක්.ආයෝජනය කිරීමට.දැන්ම අමතන්න… 0772400700 / 0770475180

මෙරට ප්‍රථම තරු7 හෝටලයවන අවියානා ඉදිකිරීම් කටයුතු අවසන්වෙමින් පවතින ප්‍රදේශ මේ වනවිට සංචාරක ගම්මානයක් බවට පත්වෙමින් පවතින බව අවියානා හෝටල් සමුහයේ සභාපති ආචාර්ය තිසර හේවාවසම් මහතා ප්‍රකාශ කරයි. ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය තිසර හේවාවසම් මහතා මෙසේද පැවසීය.ඇත්තටම සංචාරක ගම්මානයක් ඉදි වෙනවා කිව්වොත් නිවැරදියි. මොකද හේතුව මේ ස්ථානය හුදකලා ස්ථානයක් ඒ ස්ථානයෙන් බාහිරව පහසුකම් ලබා ගැනීම ඉතාමත් අපහසුයි. ඒ නිසා මේ ස්ථානයේ රෙස්ටුරන්ට්, එතකොට ප්‍රවාහන කටයුතු, ෆුඩ් සිටි එකක් සහ අපි සංවිධානය කරලා තියෙන ඉවෙන්ට් කෑම්පින්, බංජි ජම්පින්, හයිකින්, ට්‍රැකිං, ස්කයි ඩයිවින් ඇතුළු ක්‍රියාකාරකම් රැසක් මෙහි ක්‍රියාත්මකයි. ඊට අමතරව සියලුම පහසුකම් වලින් යුතු විශේෂ රෝහලක් ඇතුළු සියලුම පහසුකම් වලින් සහිත ස්ථානයක් තමයි මෙතන ඉදි වෙන්නේ. සාමාන්‍ය විලා 60ට අමතරව ඕනෑම තරාතිරමක ලෝකයේ කෙනෙකුට පහසුකම් සපයන්න හැකි පොදු ස්ථාන රාශියක් මෙහි ඉදිවෙමින් පවතිනවා.අවියානා කියන්නේ සංවිධානාත්මක කරපු කටයුත්තක් විශේෂයෙන් අපි දියුණුයි කියන රටවල්වල පවා නැති විශේෂ දේවල් කීපයක් අපි ඒකට එකතු කරලා තියෙනවා. උදාහරණයක් ලෙස ගත්තොත් අපිට වැඩිහිටි කෙනෙකුට ලංකාවට එන්න ඕන මේ හෝටලයෙ නවතින්න එතුමියට හෝ එතුමව අපි ඒ රටට ගිහිල්ලා එක්කගෙන එන්න තරම් දියුණු ක්‍රමවේදයක් අපි පාවිච්චි කරල තියෙනවා. ඊට අමතරව අපි සාමාන්‍යයෙන් වාහන විදියට ගත්තත් අධි සුඛෝපභෝගී වාහන තමයි මේ ව්‍යාපෘතියේ ප්‍රවාහන කටයුතුවලට පාවිච්චි කරන්නේ ඒත් එක්කම ලංකාවේ පවතින මේ රථවාහන තදබදය සහ කාලය සම්බන්ධව විශේෂයෙන්ම සැලකිලිමත් වෙලා විශේෂ හෙලිකොප්ටර් සේවාවක්, සැහැල්ලු ගුවන්යානා සේවාවක් සම්බන්ධ කරගැනීමට අපි කටයුතු සූදානම් කරලා තියෙනවා. ලෝකයේ දියුණු රටවල් වල තියෙන තරු7 හෝටලයකට වඩා යමක් අපිට කරන්න පුළුවන් හැකියාව ලැබෙයි කියන එක මං හුදෙක් බලාපොරොත්තු වෙන දෙයක්. ඒ සඳහා අපි ඒ රටවල්වලට ගිහින් හෝටල් ව්‍යාපෘති දිහා බලලා ඒ වගේම අපි ගොඩක් දේවල් ඉගෙනගෙන අපේ සංස්කෘතිය, අපේ හෙළවේදකම සහ අපේ දේශීයත්වය තවත් මේවට සම්බන්ධ කරගෙන ව්‍යාපෘතිය සාර්ථක කරගන්නට දැවැන්ත මහන්සියක් ගන්නවා. අපි 2025 මේ අවුරුද්දේ දොළොස්වෙනි මා‍සෙට කලින් අපේ ඉදිකිරීම් කටයුතු 90% පමණ අවසන් කරලා බුකින්(වෙන්කරවා ගැනීම්) බාරගැනීම ආරම්භ කරනවා. එතැන් සිට මම හිතන්නේ 2026 අප්‍රේල් මාසය වෙනකොට නවාතැන් කටයුතු කරන එක සහ සක්‍රීයව මෙහේ ඇවිත් නවතින්න සම්බන්ධ වෙන්න හැම දෙනාටම හැකියාව තියෙනවා.ශ්‍රී ලංකාවේ මම හිතන්නේ බැංකු පොලිය ඉතාමත්ම අඩු මට්ටමක පවතින වෙලාවක් මේක. අපි මුල සිට දැනගෙන සිටියා අපි කරපු අධ්‍යයන වලින් සහ අපි ගත් ආදර්ශවලින් ලංකාවේ ගොඩක් පිරිසකට සංචාරක කර්මාන්තයෙන් ඉහල ආදායමක් ලැබිය හැකි බව. ලංකාව කියන්නේ සංචාරක කර්මාන්තයේ ඉතාමත් ඉහළින් තිබෙන රටක් ලෝකයත් එක්ක ගත්තට පස්සේ. ඉතින් අපි ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරලා අපිට ලැබෙන ලාභය ඉතාම හොඳ ලාභයක් සංචාර කර්මාන්තය නිර්මාණය කරන්න පුළුවන්. ඒ ලාභය අපි ලබා දෙන්න සැලසුම් කළා අපේ ආයෝජකයන්ට. ඒ අයට විශේෂයෙන්ම හොඳ ලාභයක් නැත්නම් අපි ගත්තොත් වාර්ෂිකව 20%ක පමණ ප්‍රතිශත ගත ලාභයක් ලබාදෙන්න හැකියාව තියෙනවා මේ දේපල වෙළඳාම් ගනුදෙනුව හරහා. අවියනා කියලා කියන්නේ මම පෙර කිව්වා වගේ අපි බහුතර මහජනතාව හා ආයෝජකයින් එකතුවෙලා සකස් කරපු ව්‍යාපෘතියක් මෙය 100% ශ්‍රී ලංකික ආයෝජනයක්. යනුවෙන්ද අවියානා සභාපති ආචාර්ය තිසර හේවාවසම් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පේරාදෙණිය සරසවිය නැවතත් ශ්‍රී ලංකාවේ අංක එකට

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නාමයක් වන පේරාදෙණිය විශ්වවිද්‍යාලය, නැවත වරක් ජාත්‍යන්තර වශයෙන් සිය අධ්‍යයන හා පර්යේෂණ විශිෂ්ටත්වය තහවුරු කරමින් ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල...

ත්‍රිරෝද රථ පැදවීමේ අවම වයස අවුරුදු 40 දක්වා ඉහළ නැංවීමට සැලසුම්

ත්‍රිරෝද රථ ධාවනය සඳහා වන අවම වයස් සීමාව වයස අවුරුදු 40ක් දක්වා ඉහළ නැංවීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ...

අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට නවසීලන්තයෙන් පනතක්

අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝෆර් ලක්සන් ප්‍රකාශ කර...

තැන තැන සිදුවන මාරක අනතුරු

ගතවූ පැය 24 තුළ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ. ඊයේ (23)  එම අනතුරු සිදුව තිබුණේ උහන, නුවරඑළිය, වීරඹුගෙදර සහ හබරාදූව යන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img