Wednesday, November 11, 2026
HomeNEWSමෙරට විශාලතම PCR මධ්‍යස්ථානයේ පරීක්ෂණ කටයුතු ඇරඹෙයි

මෙරට විශාලතම PCR මධ්‍යස්ථානයේ පරීක්ෂණ කටයුතු ඇරඹෙයි

මෙරට ඉදිකෙරුණු විශාලතම PCR පරීක්ෂණාගාරයේ පරීක්ෂණ කටයුතු නිල වශයෙන් ඊයේ (25) ආරම්භ කෙරුණි.

ඒ ඊයේ පස්වරු 6.30ට පමණ එමිරේට්ස් ගුවන්යානයකින් ඩුබායිහි සිට මෙරටට පැමිණි 53 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදුකරමින්ය.

අදාළ සාම්පල ලබාගත් පුද්ගලයින් අතරට විදෙස් සංචාරකයින්ද ඇතුළත්ය.

කටුනායක 18කණුව ප්‍රදේශයේ ඉදිකර ඇති මෙරට විශාලතම PCR පරීක්ෂණාගාරය පසුගිය 23වනදා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි.

ගුවන්තොටුපොළ, ගුවන් සේවා සමාගම සහ පෞද්ගලික ආයතනයක් එක්වී අමෙරිකානු ඩොලර් මිලියන 5ක වියදමින් මෙය ඉදිකර තිබේ. 

ඒ අනුව එන්නත් මාත්‍රා 2කම ලබාගෙන දින 14කට පසු මෙරටට පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයින් සඳහා මෙහිදී පරීක්ෂණ සිදු කෙරේ.

අදාළ සංචාරකයින්ට කඩිනමින් සිය නවාතැන් ස්ථාන වෙත යාමට අවශ්‍ය පහසුකම් සලසාදෙමින් පැය 3ක් වැනි කාලයකින් මෙහි PCR ප්‍රතිඵල ලබාදීම විශේෂත්කයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img