Tuesday, September 22, 2026
HomeNEWSLatest Newsමෛත්‍රීගේ රහස් ගනුදෙනු රැසක් කැබිනට් අමාත්‍යවරයෙකු අතට.

මෛත්‍රීගේ රහස් ගනුදෙනු රැසක් කැබිනට් අමාත්‍යවරයෙකු අතට.

මෛත්‍රීගේ රහස් ගනුදෙනු රැසක් කැබිනට් අමාත්‍යවරයෙකු ගේ අතට. 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාසිදු කළා යැයි කියන රහස් ගනුදෙනු රැසක තොරතුරු වර්තමාන රජයේ ප්‍රබල කැබිනට් අමාත්‍යවරයෙකු ගේ අතට පත් වී තිබෙන බව වාර්තා වේ. මෙම ඇතැම් ගනුදෙනුවල හඬ පට සහ වීඩියෝ ද සාක්ෂි වශයෙන් තිබෙන බව එම කැබිනට් අමාත්‍යවරයා අගමැති මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දී තිබෙන බවද වාර්තා වේ. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වශයෙන් කටයුතු කරන විට එම පවුල හා ඉතා සමීපව කටයුතු කළ අයෙකු මෙම තොරතුරු ලබාගෙන ඇති අතර පසුව ඔහු  මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පවුලේ සාමාජිකයින් සමග උරණ වී ඇති බවද වාර්තා වේ. ඉන් පසුව එම පුද්ගලයා මෙම කැබිනට් අමාත්‍යවරයා ට එම ගනුදෙනු වල තොරතුරු සියල්ල ලබා දී ඇති බවද වාර්තා වේ. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එරෙහිව කුමන හෝ ක්‍රියාවක් ඉදිරියේ දී සිදුකළ හොත් මෙම රහස් ගනුදෙනුව පිළිබඳ සියලු තොරතුරු රටට හෙළි කරන බව එම කැබිනට් අමාත්‍යවරයා තම සමීපතම පුද්ගලයින් කිහිප දෙනකුටම ප්‍රකාශ කොට ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පටු බෙදීම් නැතිව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් 24 දාට පාර්ලිමේන්තුව අසලට එක්වන ලෙස FOC ඉල්ලයි

පටු බෙදීම් ඉක්මවා අපගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් තහවුරු කිරීමට 24 දාට පාර්ලිමේන්තුව අසලට රැස්වෙමු! -බලයට පෙර රට ගැන සිතමු!-ජාතිය තීරණාත්මක සන්ධිස්ථානයක පවතින මේ මොහොතේ, නිදහස් ක්‍රියාන්විත...

විවේචනාත්මක රුසියානු මහමැතිවරණයෙන් පුටින්ට ඉහළ ජයක්

2022 වසරේ යුක්‍රේනය වෙත එල්ල කළ පූර්ණ පරිමාණ ආක්‍රමණයෙන් පසුව රුසියාවේ පැවැත්වුණු පළමු පාර්ලිමේන්තු මැතිවරණය 2026 සැප්තැම්බර් 18 සිට 20 දක්වා දින තුනක් පුරා...

ඉරාන විදේශ ඇමති නිව්යෝර්ක් නුවරට

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 81 වන මහා මණ්ඩල වාරයට සහභාගී වීම සඳහා ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාචි ප්‍රමුඛ එරට ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අමෙරිකාවේ නිව්යෝර්ක්...

වෙඩි තබා, වීදුරු කඩා හෙරොයින් සමග තිදෙනෙකු ඇල්ලූ මෙහෙයුම

හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රවාහන කළ පුද්ගලයෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු මෝටර් රථයක් සමග ගිරිඋල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් අරුණ වෙබ් අඩවිය ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් සිදුකළ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img