Sunday, November 15, 2026
HomeNEWSLatest Newsමෛත්‍රී - ඔහුගේ පෞද්ගලික ලේකම් හා සහයක රදගුරුවරුන්ව පාස්කු කොමිසමෙන් කැඳවයි

මෛත්‍රී – ඔහුගේ පෞද්ගලික ලේකම් හා සහයක රදගුරුවරුන්ව පාස්කු කොමිසමෙන් කැඳවයි

මෛත්‍රී – ඔහුගේ පෞද්ගලික ලේකම් හා සහයක රදගුරුවරුන්ව පාස්කු කොමිසමෙන් කැඳවයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාට සහ කොළඹ පදවියේ සහයක රදගුරු තුමන්ලා තිදෙනාට පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ හෙට (24) දිනයේ දී පෙනි සිටින්නැයි දන්වා නොතීසි නිකුත් කර තිබේ.

මීට පෙර ඔවුන්ට දන්වා තිබුණේ, අද (23) පස්වරු 2ට ජනපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ය.

පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ මතභේදයට තුඩුදුන් මාධ්‍ය නිවේදනය නිකුත් කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ඔවුන්ට මෙලෙස නොතීසි නිකුත් කර තිබේ.

පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අසත්‍ය ප්‍රකාශ කරන බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නමින් ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා පසුගිය 20 වනදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණි.

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ජනාධිපති කොමිසම හමුවේ කාදිනල් හිමිපාණන් පාස්කු ප්‍රහාරය පිළිබද පෙර දැනුවත්ව සිටින්නට ඇතැයි සිදුකළ මතභේදාත්මක ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් කොළඹ පදවියේ සහයක රදගුරුතුමන්ලා තිදෙනාද පසුගිය 20 වන දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණි.

මේ අතර, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (23)  පාස්කු කොමිසමට පැමිණ තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img