Sunday, November 15, 2026
HomeNEWSLatest Newsමොරවක නොසන්සුන් - පොලීසියට චෝදනාවක්

මොරවක නොසන්සුන් – පොලීසියට චෝදනාවක්

මොරවක, ඇටකාල ප්‍රදේශයේදී ඇති වූ නොසන්සුන්කාරී වාතාවරණය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.

ඊයේ (04) රාත්‍රී කිසියම් පිරිසක් ප්‍රදේශයේ පුද්ගලයෙකුට පහරදීමට සූදානමින් සිටින බවට 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට තොරතුරක් ලැබී තිබේ.

ඒ අනුව මොරවක පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකු අදාළ ස්ථානයට ගොස් පරීක්ෂා කර ප්‍රශ්න කිරීම් සිදුකරන අවස්ථාවේදී එහි සිටි පුද්ගලයෙකු හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් මොරවක රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ මෙම සිද්ධියට අදාළ පුද්ගලයාගේ පියා වන අතර ඔහු 55 හැවිරිදි මොරවක, ඇටකාල ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බව සඳහන් වේ.

කෙසේවෙතත් මෙම අවස්ථාවේදී ප්‍රදේශවාසීන් නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇති බව පොලීසිය සඳහන් කළේය.

ප්‍රදේශවාසීන් පවසන්නේ අදාළ අවස්ථාවේ පොලිස් නිලධාරීන් දෙදෙනා බීමතින් සිටි බවය.

එමෙන්ම පොලීසියේ ක්‍රියා කලාපය හේතුවෙන් අදාළ පුද්ගලයා මියගිය බවට ද ප්‍රදේශවාසීන් චෝදනා කරයි.

මේ අතර තත්ත්වය පාලනය කිරීම සඳහා අවට පොලිස් ස්ථාන කිහිපයකින්ම පොලිස් නිලධාරීන් මොරවක, ඇටකාල ප්‍රදේශයට කැඳවා ඇත.

අනතුරුව එහි පැමිණි මාතර කොට්ඨාශ දෙක භාර සහකාර පොලිස් අධිකාරීවරයා ප්‍රදේශවාසීන්ට කරුණු පැහැදිලි කර ඔවුන් නිවාස වෙත පිටත් කර හැරීමට පියවර ගෙන තිබේ.

කෙසේවෙතත් මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද සිදුකර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ හෘදයේ සෛල අකර්මන්‍ය වීමෙන් ඇති වූ සංකූලතා මත මෙම මරණය සිදුව ඇති බවය.

මේ අතර අදාළ ප්‍රදේශයට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනා අද දිනයේ වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර ඇති අතර එහිදී ඔවුන් මත්පැන් පානය කර නොසිටි බව අනාවරණය වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img