ගිරිතලේ – බකමූණ ප්රධාන මාර්ගයේ කෝට්ටපිටිය ප්රදේශයේ දී සිදුවූ යතුරුපැදි අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් තිබේ.
ඊයේ (24) සවස එම අනතුර සිදුව ඇති බව “අද දෙරණ“ වාර්තාකරු පැවසීය.
ඔවුන් ගමන් කළ යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් කොන්ක්රීට් කණුවක ගැටී එම අනතුර සිදුව ඇත.
එම අනතුරින් පැදිකරු එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර පසුපැදිකරු පොළොන්නරුව රෝහලට ඇතුළත් කළ පසු මියගොස් ඇත.
එලෙස මිය ගොස් ඇති යතුරුපැදියකරු පුලස්තිපුර රෝහලේ සුවසැරිය ගිලන් රථයේ රියදුරු ලෙස සේවය කළ 35 හැවිරිදි පුද්ගලයෙකු වන අතර අනෙක් තැනැත්තා අම්පාර දීඝවාපී ප්රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකි.
අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බකමූණ පොලීසිය විසින් සිදුකරයි.






















