Friday, September 11, 2026
HomeNEWSයාපනයේ ඉදිකෙරෙමින් පැවති ජනාධිපති මන්දිරය, තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලයක් බවට පත් කිරීමට...

යාපනයේ ඉදිකෙරෙමින් පැවති ජනාධිපති මන්දිරය, තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලයක් බවට පත් කිරීමට පියවර.

 යාපනය, කන්කස්නතුරේ ප්‍රදේශයේ ඉදිකෙරමින් පැවති ජනාධිපති මන්දිරය තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යලයක් ඉදිකිරීමට වසර 50 කට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයට (SLIIT) බදු දේ…
 ඇස්තමේන්තුගත ආයෝජන වටිනාකම ආසන්න වශයෙන් රුපියල් බිලියන 5000 යි…
 නව තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලය Northern Uni. IT විශ්ව විද්‍යාලය ලෙස හැඳින්වේ…
 සිසු සිසුවියන් 1500ට පමණ වාර්ෂිකව තොරතුරු තාක්ෂණ දැනුම ලබාදීමේ හැකියාව…
 තොරතුරු තාක්ෂණ විශ්ව විදයාලය තවදුරටත් පුළුල් කර අසල්වැසි ඉන්දියාවේ සිසු සිසුවියන්ටද මෙහි අධ්‍යයන කටයුතු සිදු කිරීමේ අවස්ථාව ලබාදීමටත් අපේක්ෂිතයි…
යාපනය, කන්කස්නතුරේ ප්‍රදේශයේ ඉදිකෙරමින් පැවති ජනාධිපති මන්දිරය තොරතරු තාක්ෂණ විශ්ව විද්‍යලයක් ඉදිකිරීමට වසර 50ට පමණ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයට (SLIIT) බදු දේ.
මෙහි ආයෝජන වටිනාකම ආසන්න වශයෙන් රුපියල් බිලියන 5000කි. ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය කැනේඩියානු ආයෝජකයකු සමඟ එක්වී මෙය තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලයක් ලෙස සංවර්ධනය කිරීමට නියමිතය.
ඒ සඳහා වන අවබෝධතා ගිවිසුම් අත්සන් තැබීම නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, නාගරික සංවර්ධන අධිකාරී ශ්‍රවණාගාරයේදී අද (16) සිදුවිය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැති සාකච්ඡාවක දී මෙම ජනාධිපති මන්දිරය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයට (SLIIT) බදු දීමේ තීරණයට එළඹ ඇත.
යාපනය කන්කසන්තුරේ පිහිටි මෙම ජනාධිපති මන්දිරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනු ලැබුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදීය. ඒ 2010 – 2015 වසර පහ ඇතුළතදීය. මෙම ජනාධිපති මන්දිරය ඉදිකිරීමේදී දමිළ ඩයස් පෝරාවෙන් දැඩි විරෝධතා එල්ලවිය. ඉකුත් සමයේදී මෙහි ඉදිකිරීම් කටයුතු නතරවී තිබුණි.
කන්කසන්තුරේ පිහිටි මෙම මන්දිර පරිශ්‍රයට අක්කර 30 ක භූමියක් අයත් වන අතර එයින් අක්කර 12ක මෙම ගොඩනැගිලි සංකීර්ණ පිහිටා තිබේ.
ඉතිරි ඉඩම් ප්‍රමාණය ප්‍රදේශය ජනතාවගෙන් පවරා ගනු ලැබූ ඉඩම් වන අතර රජයට අයත් අක්කර 12ක ප්‍රමාණය මුලින් SLIIT ආයතනයට බදු දීමට තීරණය කෙරිණි.
ජනතාවගෙන් පවරා ගනු ලැබූ ඉතිරි අක්කර 17ක භූමි ප්‍රදේශය ද එම ජනතාවට ආදායමක් ලැබෙන පදනමක් මත SLIIT ආයතනයට බදු පදනමට ලබා දීමට තීරණය කෙරිණි.
මෙම ජනාධිපතිමන්දිරයේ කටයුතු කඩිනමින් අවසන්කොට අංග සම්පූර්ණ තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යලයක් බවට පත්කිරීමට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) බළාපොරොත්තු වේ. මෙම තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලය Northern Uni. IT විශ්ව විද්‍යාලය ලෙස හැදෙන්වෙනු ඇත.
මෙහි සිසු සිසුවියන් 1500ට පමණ වාර්ෂිකව තොරතුරු තාක්ෂණ දැනුම ලබාදීමේ හැකියාව පවතී. එමෙන්ම මෙම තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලය ඉදිකිරීමෙන් පසුව තොරතුරු තාක්ෂණය හැදෑරීමට උතුරේ දුවා දරුවන්ට කොළඹට පැමිණීමටද සිදු නොවනු ඇත.
ඒ අනුව තිස් වසරක යුද්ධයෙන් බැට කෑ උතුරු පළාතේ දුවා දරුවන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය කොට ඔවුන් අනාගත නවීන ලෝකයට ගැළපෙන පරිදි දැනුමින් පරිපූර්ණ කිරීම මෙමඟින් සිදුකිරීමට හැකියාව ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) විශ්වාසය පළකරයි.
මෙම තොරතුරු තාක්ෂණ විශ්ව විදයාලය තවදුරටත් පුළුල් කර අසල්වැසි ඉන්දියාවේ සිසු සිසුවියන්ටද මෙහි අධ්‍යයන කටයුතු සිදු කිරීමේ අවස්ථාව ලබාදීමට නියමිතය.
අවබෝධතා ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර, කැනේඩියානු ආයෝජන සමාගමේ සභාපති indy pathmanathan සහ ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ සභාපති මහාචාර්ය ලක්ෂ්මන් එල්. රත්නායක ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකයෝ පිරිසක් සහභාගී වූහ.

ප්‍රදීප් අනුර කුමාර
(ගරු ප්‍රසන්න රණතුංග ඇමතිතුමාගේ මාධ්‍ය ලේකම්)
077 9633516

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img