Sunday, November 8, 2026
HomeNEWSයාපනයේ පාසල් සිසුන් 50 දෙනෙකුට අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් පාසල් උපකරණ බෙදාදෙයි

යාපනයේ පාසල් සිසුන් 50 දෙනෙකුට අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් පාසල් උපකරණ බෙදාදෙයි

යාපනය ශ්‍රී නාගවිහාර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය මීගහජදුරේ සිරිවිමල
නායක ස්වාමීන්වහන්සේ බැහැදුටු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (19) දින උන්වහන්සේගේ සුව
දුක් විමසා බැලුවේය.‍
ශාස්ත්‍රපති පූජ්‍ය මීගහජදුරේ සිරිවිමල නායක ස්වාමීන් සමඟ සුහඳ කතාබහක නිරත වූ අග්‍රාමාත්‍යතුමා,
උන්වහන්සේගේ ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව යාපනය ශ්‍රී නාගවිහාර ජාත්‍යන්තර බෞද්ධ
මධ්‍යස්ථානයේ ආගමික වතාවත්වල නිරත විය.
අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් මෙහි දී ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් සිසුන් 50 දෙනෙකු සඳහා
අවශ්‍ය පාසල් උපකරණ ප්‍රදානය කෙරිණි.
ශ්‍රී ලංකා යුද හමුදාවේ සම්බන්ධීකරණය ඇතිව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය
ඊට අදාළ අනුග්‍රහය දක්වා තිබිණි.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්,
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, යාපනය
ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් සුජීව සෙනරත් යාපා, 51වැනි සේනාංකාධිපති මේජර්
ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහත්වරු ඇතුළු හමුදා නිලධාරීන් සහ ප්‍රදේශවාසී ජනතාව එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img