ලබන මැයි මාසය ආරම්භය වන විට රුසියානු – යුක්රේන අර්බුදය අවසන් වනු ඇති බවට යුක්‍රේන උපදේශකයින් විශ්වාසය පළ කර තිබේ.
යුක්රේන ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී උපදේශක ඔලෙක්සි අරෙස්ටොවිච් පවසන්නේ යුක්‍රේනය වෙත දිගින් දිගටම එල්ල කරන ප්‍රහාර හේතුවෙන් රුසියාවේ සම්පත් හිඟ වීමේ තත්ත්වයක් ඉදිරියේදි ඇති විය හැකි බවය.
එය ඔවුන් යුක්රේනය වෙත එල්ල කරනු ලබන ප්‍රහාරයන්ගෙන් අවසානය වනු ඇති බවට එම උපදේශකවරයා සදහන් කර තිබේ.
යුක්රේන ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී උපදේශකවරයා පෙන්වාදී ඇත්තේ ඉදිරි සති දෙක තුළ යුක්රේනයේ රැඳී සිටින රුසියානු හමුදා සාමාජිකයින් ඉවත් කර ගැනීම හෝ කඩිනමින් සාම ගිවිසුමකට එළඹීමට ඔවුන් පියවර ගනු ඇති බවය.
මේ අතර රුසියාව විසින් යුක්‍රේනයේ කියුව් අගනුවර පිහිටි නිවාස සංකීර්ණයක් වෙත ප්‍රහාරයක් එල්ල කර තිබේ.
ප්‍රහාරයෙන් නිවාස සංකීර්ණය සම්පූර්ණයෙන්ම ගිනි ගැනීමකට ලක්ව ඇති අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉන් මියගිය සහ තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බවය.
මීට අමතරව විදෙස් මාධ්‍ය වාර්තා කළේ කියුව් අගනුවර තවත් ස්ථාන කිහිපයක් වෙත රුසියාව විසින් මිසයිල ප්‍රහාර ද එල්ල වී ඇති බවය.






















