රුසියාව සහ යුක්රේනය අතර කොන්දේසි විරහිත සාම සාකච්ඡා තවත් වටයක් සඳහා කල්ගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ පැවැති සාකච්ඡාවලදී දෙපාර්ශ්වයෙන්ම ඉදිරිපත් වූ කරුණු අනුව යම් එකඟතාවන් ඇතිකර ගැනීම සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බවය.
රුසියාව යුක්රේන ගැටුම් ආරම්භ වී මේ ගතවන්නේ 6වැනි දිනයයි.
දෙරට අතර සටන් විරාමයක් සම්බන්ධයෙන් තීරණාත්මක සාම සාකච්ඡාවක් ඊයේ බෙලරුස් හි ගොමෙල් නගරයේදී අවසන් වූවත්, රුසියාව තවමත් යුක්රේනය වෙත දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කරමින් සිටී.
සාම ව්‍යායාමය නොතකා කියුව් අගනුවර වෙත දැවැන්ත හමුදා බලඇණියක් යොමුකිරීමට රුසියාව පියවර ගනිමින් සිටී.
චන්ද්‍රිකා තාක්ෂණයෙන් ලබාගත් මේ සේයාරූවල දැක්වෙන, සැතපුම් 40ක් දිගින් යුතු රුසියානු හමුදා සන්නද්ධ රථ පෙළ ගමන්කරන්නේ කියුව් අගනගරය වෙතය.
එමෙන්ම බෙලරුස්හි දකුණු කලාපයේ යුක්රේන දේශසීමාව ආසන්නයේ රුසියානු හමුදා සහ ප්‍රහාරක හෙලිකොප්ටර් යානා රඳවා ඇති ආකාරයද මේ වාර්තාවන්හි දැක්වුණි.
කෙසේ නමුත් යුක්රේනය හමුදාවේ සාර්ථක ප්‍රතිප්‍රහාර හමුවේ රුසියානු ආක්‍රමණය අසීරු වී ඇති බවද විදෙස් වාර්තාවන්හි වැඩිදුරටත් සඳහන්ය.
යුක්රේනයේ දෙවැනි විශාලතම නගරය වන කාර්කිව් වෙත ඊයේ එල්ල වූ මිසයිල ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 11දෙනෙකුට ජීවිත අහිමිවුණි.
රුසියානු හමුදා ඊයේ කාර්කිව් නගරය වෙත බෝම්බ හෙළූ අතර එය CCTV කැමරාවල පටිගතව තිබුණි.
විශේෂඥයින් පවසන්නේ, රුසියාව යුක්රේනය වෙත පොකුරු බෝම්බ හෙලමින් සිටින බවය.
පොකුරු බෝම්බවල ඇති ප්‍රබලත්වය හේතුවෙන් ඒවා හෙළීම ජාත්‍යන්තර සම්මුතියකින් තහනම් කර තිබේ.
මෙසේ ප්‍රහාරයට ලක්ව ඇත්තේ යුක්රේන හමුදා පරිශ්‍රයක් නොව සිවිල් වැසියන් වාසය කරන කලාපයකි.
වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න






















