Tuesday, September 1, 2026
HomeNEWSයුක්‍රේන සංචාරකයින් දළදා මාළිගාවට - හිමිනමකගෙන් විරෝධය

යුක්‍රේන සංචාරකයින් දළදා මාළිගාවට – හිමිනමකගෙන් විරෝධය

යුක්‍රේන සංචාරකයින් දළදා මාළිගාවට – හිමිනමකගෙන් විරෝධය

මෙරටට පැමිණි යුක්‍රේන ජාතික සංචාරකයින් පිරිසක් අද(11) මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ සංචාරයක නිරත විය. 

දැඩි පරීක්ෂාවකින් අනතුරුව එම සංචාරකයින් පිරිස දළදා මාලිගාවේ සංචාරය සඳහා එක්ව තිබේ.

ශ්‍රී දළදා මාලිගය වෙත පැමිණෙන දේශීය බැතිමතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව උදෙසා යුක්‍රේන සංචාරකයින් වෙනම ස්ථානයකින් ප්‍රවේශවීමට පහසුකම් සලසා දී තිබු බව දළදා මාලිගාවේ මාධ්‍ය කාර්යාංශය පවසයි.

කෙසේවෙතත් සංචාරකයින්ගේ පැමිණීම හේතුවෙන් දේශීය බැතිමතුන් අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇතැයි පවසමින් පූජ්‍ය ලේවැල්ලේ ධම්මාලංකාර හිමියන් සිය විරෝධය දැක්වීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු උන්වහන්සේ,

“මේ ලංකාවේ කට්ටිය එතකොට මේ කට්ටිය කිසිම නිරෝධායන ඇඳුමක් නැහැ. මේ වටේ ඉන්නේ අපේ රටේ අහිංසක මිනිස්සු. මේ මිනිස්සුන්ට මේ රෝගය හැඳුනොත් වගකියන්නේ කවුද ? දළඳා මාලිගාවට කැඳවන්නේ නැහැ කියලා කියපු වේලාවක් මේක. එතකොට මේ අය මල්වතු මහ විහාරයට, අස්ගිරි මහ විහාරයට සියල්ලටම බොරුකරලා මේ එක්කරන් යන්නේ. වාහනවල ඉන්න රියදුරන් ඉන්න විදිහ බලන්න. මේ අය කිව්වා ආරක්ෂක ඇඳුම් ඇඳගෙන ඉන්නේ කියලා ඒත් කිසිම දෙයක් නැහැ.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සුපිරි පාපන්දු ක්‍රීඩක මෙසී සමුගැනීමට යයි

ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව අජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලියනොල් මෙසී ප්‍රකාශ කරයි - විදෙස් මාධ්‍ය

උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය ජුලි මාසයේ 7.3% සිට අගෝස්තු මාසයේ 8% දක්වා ඉහළට; ආහාර උද්ධමනය 6.3% සිට 8.5% දක්වා ඉහළට සහ ආහාර...

අගමැතිතුමිය භූතානයට

සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට සහභාගීවීමට අගමැතිතුමිය භූතානය බලා පිටත්ව යයි සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට (Global Conscious Food Systems Summit - GCFSS)...

22කට එරෙහි පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අහියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් පංච...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img