Wednesday, November 11, 2026
HomeNEWSයුරෝපා සංගමය ශ්‍රී ලංකාවට දුන් පොරොන්දුව

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට දුන් පොරොන්දුව

ශ්‍රී ලංකාවට අඛණ්ඩව ඉදිරියටත් සහයෝගය ලබාදෙන බවට යුරෝපා සංගමය සහතික වී තිබේ.

විදේශ කටයුතු අමාත්‍ය ජී.එල් පීරිස් මහතා සමඟ පැවති සාකච්ඡාවේදී යුරෝපා සංගම් නියෝජිතයින් මේ බව ප්‍රකාශ කර ඇති බව විදේශ අමාත්‍යංශය සඳහන් කළේය.

දිවයිනට පැමිණ සිටින යුරෝපා සංගමයේ නියෝජිතයින් 05 දෙනා ඊයේ (01) දිනයේදී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා හමුවී තිබේ.

එහිදී මෙරට සංහිඳියාව පිළිබඳ ප්‍රගතිය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය කිරීම, සිවිල් සේවය සමඟ කටයුතු කිරීම, තිරසාර සංවර්ධන ඉලක්ක සහ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව සහයෝගයෙන් යුතුව කටයුතු කිරීම පිළිබඳද විදේශ අමාත්‍යවරයා විසින් යුරෝපා සංගම් නියෝජිතයින් පිරිස දැනුවත් කර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම අපනයන ගමනාන්තය යුරෝපා සංගමය වන බැවින් රටේ ප්‍රජාවන්ගේ ජීවනෝපාය මාර්ග ඉහළ නැංවීමේ යුරෝපා සංගම් ජී.එස්.පී ප්ලස් ප්‍රතිලාභවල ධනාත්මක දායකත්වය පිළිබඳව ද විදේශ අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර පවතින බහුවිධ බැඳීම් යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායම පිළිගත් අතර අඛණ්ඩව සහයෝගීතාව ලබාදෙන බවට සහතිකයක් ද ලබාදී ඇති බව වාර්තා වේ.

එම සංචාරය අතරතුරදී යුරෝපා සංගම් නියෝජිත පිරිස යුරෝපා සංගම් ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිෂන් සභා ක්‍රියාවලිය සහ යුරෝපා සංගම් ජී.එස්.පී ප්ලස් සමාලෝචන ක්‍රියාවලියේ තුන්වන වටයට අදාළ රැස්වීම්වලට සහභාගී වී තිබේ.

මේ අතර සිව්දින නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ෂිංග්ලා මහතා අද (02) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතාගේ ආරාධනයකට අනුව දිවයිනට පැමිණෙන ඉන්දීය විදේශ ලේකම්වරයාගේ එම සංචාරය දෙරට අතර පවතින බහුවිධ සබඳතා තහවුරු කර ගැනීමට සහ ද්වී පාර්ශ්වික සබඳතා වැඩි දියුණු කිරීමට දායක වනු ඇති බව විදේශ අමාත්‍යංශය සඳහන් කළේය.

ලබන 05 වන දින දක්වා දිවයිනේ රැඳීසිටින ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ෂිංග්ලා මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා හමුවීමට නියමිතව තිබේ.

ඉන්දීය විදේශ ලේකම්වරයා ලෙස වැඩ භාරගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සංචාරය කරන පළමු අවස්ථාව මෙය වන අතර මහනුවර, ත්‍රිකුණාමලය සහ යාපනය යන ප්‍රදේශවලද ඉන්දීය විදේශ ලේකම්වරයා සංචාරය කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img