Friday, August 21, 2026
HomeNEWSරජයේ කටයුතුවලදී මහා සංඝරත්නයේ අනුශාසනා අපේක්ෂා කරනවා -ජනපති

රජයේ කටයුතුවලදී මහා සංඝරත්නයේ අනුශාසනා අපේක්ෂා කරනවා -ජනපති

ජාතික, ආගමික සහ සාමාජීය සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාමාර්ග ගැනීමට කිසිසේත් පසුබට වන්නේ නැහැ- ජනපති රජයේ කටයුතුවලදී මහා සංඝරත්නයේ අනුශාසනා අපේක්ෂා කරන බවත් ජාතික, ආගමික සහ සාමාජීය සංවර්ධනය උදෙසා ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමට නොපසුබටව කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ, මල්වතු – අස්ගිරි උභය මහා විහාරයීය අනුනායක හිමිපාණන් වහන්සේ ඇතුළු කාරක මහා සංඝ සභික නායක ස්වාමින් වහන්සේලා සමඟ ඊයේ(17) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේදීය.මල්වතු-අස්ගිරි මහා නායක හිමිපාණන් වහන්සේලාගේ අනුශාසනා පරිදි ශාසනික මෙන්ම, ජාතික සහ සාමාජීය වශයෙන් සුවිශේෂී කරුණු පිළිබඳ සාකච්ඡා කිරීම මෙහි අරමුණ විය.ශාසනික වශයෙන් උද්ගතව ඇති ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා බෞද්ධ විහාර දේවාලගම් පනත ආදී විවිධ පනත්වලට කාලීන සංශෝධන ගෙන ඒමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් සහ භික්ෂු අධ්‍යාපනය සම්බන්ධයෙන් මෙහිදී මහා සංඝරත්නය විසින් ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරන ලදී. වත්මන් අභියෝග හඳුනාගෙන ආගමික හර පද්ධති සහ සංස්කෘතිය සුරක්ෂිත කිරීමට රජය මුල් වී වැඩපිළිවෙළක් සකස් කිරීමේ වැදගත්කම සහ ශාසනික ගැටලු උදෙසා මෙන්ම ශාසනික උන්නතිය උදෙසා රජයේ කාර්යභාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බුද්ධශාසන කාර්ය සාධක උපදේශක සභාවක් පිහිටුවීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් විය.ශාසනික වශයෙන් පවතින විවිධ අභියෝග සහ ගැටලු විසඳීමට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන කඩිනමින් සකස් කිරීමටද ජනාධිපතිවරයා මෙහිදී අදාළ අංශ වෙත උපදෙස් දුන්නේය.මල්වතු මහාවිහාර පාර්ශ්වය නියෝජනය කරමින් පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ, ආචාර්ය පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ, පූජ්‍ය රඹුක්වැල්ලේ ශ්‍රී නන්දාරාම නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ, පූජ්‍ය දොරණෑගම ශ්‍රී රතනපාල නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ, පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ මේධංකර නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ, පූජ්‍ය වෙලගෙදර ශ්‍රී සුමනජෝති නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ, පූජ්‍ය මහවෙල ශ්‍රී රතනපාල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේද, අස්ගිරි මහා විහාර පාර්ශ්වය නියෝජනය කරමින් පූජ්‍ය වේඬරුවේ උපාලි අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ, පූජ්‍ය ආණමඩුවේ ශ්‍රී ධම්මදස්සී අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ, ආචාර්ය පූජ්‍ය උරුලෑවත්තේ ශ්‍රී ධම්මරක්ඛිත නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ, පූජ්‍ය ගොඩගම ශ්‍රී මංගල නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ, ආචාර්ය පූජ්‍ය මැදගම ශ්‍රී ධම්මානන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේ, පූජ්‍ය නාරම්පනාවේ ශ්‍රී ආනන්ද නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ, පූජ්‍ය මුරුද්දෙණියේ ශ්‍රී ධම්මරතන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ, පූජ්‍ය කැටකුඹුරේ ශ්‍රී ධම්මාරාම නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ මෙම අවස්ථාවට වැඩම කර සිටි අතර බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර යන මහත්වරුද එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මරණ දඬුවම හා ජීවිතාන්ත සිරකරුවන්ට ජනපති සමාව දීම ගැන කමිටු වාර්තාව කඩිනමින් කැබිනට්ටුවට: අධිකරණ ඇමති

මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති පොදු සමාව ලබාදීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමේ අරමුණින් පත් කළ කමිටුවේ වාර්තාව...

නාමල් FCID යට පැය 6ක ප්‍රකාශයක් දෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත පැමිණ තිබෙනවා. ඒ, විමර්ශනයකට අදාළව සිදු කළ කැඳවීමකට අනුවයි. පැය 6ක ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව...

සංස්කෘතික කටයුතු සඳහා අලි ඇතුන් ලබා දීම සම්බන්ධයෙන් ඉදිරියේදී ගැසට් නිවේදනයක්

දළදා පෙරහැර සහ වෙනත් ආගමික කටයුතු සඳහා හීලෑ අලි ඇතුන් ලබා දීම සම්බන්ධව ඉදිරියේදී ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගන්නා බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය...

මීගමුව බන්ධානාගාර ගැටුමින් මියගිය නිලධාරීන්ගේ පවුල් වෙත වන්දි මුදල් පිරිනැමේ

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම අතරතුර ජීවිතක්ෂයට පත්වූ බන්ධනාගාර නිලධාරීන් වෙනුවෙන් වන්දි මුදල් පිරිනැමීම අද (21) බන්ධනාගාර මූලස්ථානයේදී සිදු කෙරුණි. එහිදී ජීවිතක්ෂයට පත් වූ එක්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img