Friday, October 30, 2026
HomeNEWSLatest Newsරජයේ මුද්‍රණ කටයුතුවලට ‘ශ්‍රීපත් : යළි පණ ගැන්වූ වාලච්චේන කඩදාසි යොදා ගැනීම...

රජයේ මුද්‍රණ කටයුතුවලට ‘ශ්‍රීපත් : යළි පණ ගැන්වූ වාලච්චේන කඩදාසි යොදා ගැනීම අද සිට ඇරඹෙයි!

රජයේ මුද්‍රණ කටයුතුවලට ‘ශ්‍රීපත් : යළි පණ ගැන්වූ වාලච්චේන කඩදාසි යොදා ගැනීම අද සිට ඇරඹෙයි!

මේ වන විට රජයේ මුද්‍රණාලයේ මුද්‍රණ කටයුතු සඳහා භාවිත කෙරෙන නිසි ප්‍රමිතියෙන් යුත් කඩදාසි වර්ග 03ක් නිපදවීමට කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති ජාතික කඩදාසි සමාගමේ වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාව සමත් වී ඇති අතර ටොන් 20කින් සමන්විත පළමු නිල කඩදාසි ඇණවුම අද (27) දිනයේ දී රජයේ මුද්‍රණාලාධිපතිනීී ගංගානි ලියනගේ මහත්මිය විසින් ජාතික කඩදාසි සමාගමේ සභාපති විමල් රූපසිංහ මහතා වෙත භාර දෙනු ලැබුවාය. 
මෙම කටයුත්ත නාරාහේන්පිට පිහිටි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ සහ ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. 
දශක ගණනාවක් තිස්සේ වසා දමා තිබූ ජාතික කඩදාසි සමාගමට අයත් වාලච්චේන කඩදාසි කම්හල යළි විවෘත කර එමඟින් ‘ශ්‍රීපත් : යළි පණ ගැන්වූ වාලච්චේන කඩදාසි’ පළමු තොගය වෙළඳපොළට නිකුත් කිරීම එවකට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ උපදෙස් හා පූර්ණ අධීක්ෂණය  යටතේ සිදු කෙරුණේ 2020 අගෝස්තු 02 වැනිදා ය.
එදින සිට පෞද්ගලික අංශයෙන් ලැබෙන ඇණවුම් සඳහා සැපයුම් සිදු කළ වාලච්චේන කඩදාසි කම්හල මඟින් රජයේ මුද්‍රණ කටයුතු සඳහා නිසි ප්‍රමිතියෙන් යුතු කඩදාසි නිෂ්පාදනයට අවශ්‍ය පියවර ගන්නා ලෙස වත්මන් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා උපදෙස් ලබා දී තිබිණි. 
ඒ අනුව රජයේ මුද්‍රණාලාධිපතිනිය සමඟ සාකච්ඡා කොට එතුමියගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ ‘රාසේපි ලියුම් හා පාර්සල් කවර නිෂ්පාදනය කෙරෙන ක්‍රාෆ්ට් කඩදාසි, පොත් පිටකවර නිෂ්පාදනය කෙරෙන වර්ණවත් මැනිලා කඩදාසි හා බි්‍රස්ටල් බෝඞ් නිසි ප්‍රමිතියෙන් නිපදවීමට ජාතික කඩදාසි සමාගමේ වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාව සමත්ව තිබේ. 
ඉහත කී ටොන් 20ක කඩදාසි තොගයේ නිල ඇණවුම භාර දෙන අවස්ථාවෙහි එම තොගය සංකේතාත්මක නිරූපණය කරමින් අදාළ කඩදාසි වර්ග තුනෙහි සාම්පල අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට පිළිගන්වනු ලැබුවේය. 
මෙම අවස්ථාවට ජාතික කඩදාසි සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහතා ද එක්ව සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බේස්ලයින් මාර්ගයේ තෙවන අදියර සංවර්ධනය ආරම්භ කෙරේ

රුපියල් බිලියන 2.8 ක දේශීය අරමුදල් යොදාගනිමින් බේස්ලයින් මාර්ගයේ තෙවන අදියර සංවර්ධනය ආරම්භ කෙරේ.....! කොළඹ දිස්ත්‍රික්කයේ බේස්ලයින් මාර්ග දිගුව ව්‍යාපෘතියේ තුන්වන අදියර ක්‍රියාත්මක කරමින් කිරුලපන...

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එනවා – විපක්ෂ නායක සජිත්

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට...

ජාත්‍යන්තර ජයග්‍රහණ අරමුණු කරගත් ක්‍රීඩකයින් බිහිකිරීමට සැලසුම් සකස් කරන ලෙසට ජනපතිගෙන් උපදෙස්

ජාත්‍යන්තර ජයග්‍රහණ අරමුණු කරගත් ක්‍රීඩකයන් බිහිකිරීම මෙන්ම නිරෝගී ජනතාවක් වෙනුවෙන් ක්‍රීඩාව ප්‍රවර්ධනයට සැලසුම් සකස් කරන්නැයි ජනපතිගෙන් උපදෙස් ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ අත්කර ගත හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන්...

විශ්ව විද්‍යාල ආචාර්යවරුන් හෙට(30) වැඩ වර්ජනයක

ආචාර්ය සහ සම්පත් හිඟය, අධික වැඩ බර ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගෙන, හෙට (30) රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියේ එක්දින වැඩ වර්ජනයක්: විශ්ව විද්‍යාල ආචාර්ය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img