වර්තමානයේ දී රට ගොඩනැගීමට සියලුම පාර්ශව සහයෝගය අත්‍යවශ්‍ය බවත්එම සහයෝගය ලබාගත හැකි සුදුසුම නායකයා වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා බවත් ඒ අනුව මේ රට ගොඩනැගීමේ අවස්තාව සඳහා සිව් දෙනාගේම සහයෝගය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ලබාදිය යුතු බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගිය දා එක්සත් ජාතික පක්ෂයේ මාතලේ දිස්ත්‍රික් ආසන සම්මේලනය ලග්ගල ආසනය වෙනුවෙන් නාඋල දී පැවැත්වුනු අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.රනිල් වික්‍රමසිංහ මැතිතුමා රට භාරගත් අවස්ථාවේ දී පැවසුවේ රට ගොඩනැංවීමට සියලු දෙනාගේම සහයෝගය තමන් අපේක්ෂා කරන බවයි .සහයෝගය ලබාදී රට ගොඩනැගීමේ අනගි අවස්ථාව මේ වන විට සියලුම දේශපාලන පක්ෂවලට හිමිවී ඇති බවත් ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්නා ලෙස තමා ද ඉතා කාරුණිකව සියලුම පාර්ශ්ව වලින් ඉල්ලීමක් කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අබේවර්ධන මහතා මෙහිදී පැවසීය.






















