Sunday, November 15, 2026
HomeNEWSLatest Newsරට පුරා ජල ගැටලු විසඳීමේ පොදු යාන්ත්‍රණයක් පිහිටුවීමට අග්‍රාමාත්‍යතුමාගේ අවධානය යොමු වෙයි

රට පුරා ජල ගැටලු විසඳීමේ පොදු යාන්ත්‍රණයක් පිහිටුවීමට අග්‍රාමාත්‍යතුමාගේ අවධානය යොමු වෙයි

රට පුරා ජල ගැටලු විසඳීමේ පොදු යාන්ත්‍රණයක් පිහිටුවීමට අග්‍රාමාත්‍යතුමාගේ අවධානය යොමු වෙයි


ශ්‍රී ලංකාව තුළ පොදු දියබෙත්ම කළමනාකරණ ප්‍රවේශයක් ක්‍රියාත්මක කිරීම උදෙසා වන උපාය මාර්ගික යාන්ත්‍රණයක් සකස් කිරීමේ කමිටුවක් පත් කිරීමට අදාළ ආයතන හමුවක් අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙක් අරලියගහ මන්දිරයේදී ඊයේ 2020.09.21 දින පැවැත්විණි.

ජල සම්පාදන අමාත්‍යංශය, වාරිමාර්ග අමාත්‍යංශය, ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය, මහවැලි කලාප ආශ්‍රිත ඇළවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය, මහවැලි අධිකාරිය, වාරි මාර්ග දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, ඇතුළු ආයතන 15 ක නියෝජිකයෝ මෙම හමුවට එක්ව සිටියහ.

සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්තිය යටතේ, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරක්ෂිත ජල අවශ්‍යතා සැපිරීමේ වැඩපිළිවෙළ යටතේ  ගරු අග්‍රාමාත්‍යතුමා විසින් මෙම කමිටුව ලබන සතියේ පත් කිරීමට නියමිතව තිබේ.

කාර්යක්ෂම හා සාධාරණව ජාතික ජල සම්පත් සංරක්ෂණය හා වෙන් කිරීම තුළින් සමාජයේ හා පරිසරයේ සංස්ථාවල ජල අවශ්‍යතා සපුරාලීම සඳහා සියලු පාර්ශවකරුවන් සම්බන්ධ කිරීම මෙම කමිටුව පත් කිරීමේ මූලික අරමුණකි.

ජල අවශ්‍යතාවය සපුරාලීම සඳහා පවතින ප්‍රතිපත්ති සමාලෝචනය කිරීම, ප්‍රධාන රේඛීය ආයතන අතර සහයෝගීතාවයන් ඇති කිරීම සඳහා උපාය මාර්ග සකස් කිරීම, සියලු දෙනාට වඩා හොඳ තත්ත්වයේ ප්‍රමාණවත් ජල සැපයුමක් සහතික කිරීම, පවතින ජල සම්පත් සංවර්ධනය, සංරක්ෂණය සහ ජල පෝෂක කළමනාකරණය හා ඊට සම්බන්ධ ආයතන බලාත්මක කිරීම, ඒකාබද්ධ ජල සම්පත් සංවර්ධනය සහ කළමනාකරණය දිරිමත් කිරීම මෙහි අපේක්ෂිත අනෙකුත් අරමුණුය.

තවදුරටත් පවතින ජල ගැටලු විසඳීම සඳහා වගකීමක් සහ බලයක් සහිත පොදු යාන්ත්‍රණයක් සකස් කිරීම, ජල සම්පත් සපුරා ගැනීමේදී ඇති වන විෂමතා සමනය කිරීම සහ ජලය ආශ්‍රිත ගැටලුවලට ප්‍රතිචාර දැක්වීම, ජල සැපයුම් කළමනාකරණ ගැටලු සඳහා සාර්ථකව කටයුතු කිරීමට යාන්ත්‍රණයක් සකස් කිරීම, ජාතික ජල සම්පත් කළමනාකරණ ලේකම් කාර්යාලයක් පිහිටුවීම, ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කිරීම, භූ ගත ජල කළමනාකරණය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම, නළ ළිං ඉදි කිරීම අවිධිමත්ව සිදුවීම නිසා ඒ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් හා නියාමනයක් ඇති කිරීම යනාදී කරුණු පිළිබඳව මෙම හමුවේදී අවධානය යොමු වුණි.

නිවාස යෝජනාවල ජීවත්වන ජනතාව මුහුණ පාන ජල ගැටලු සම්බන්ධව අවධානය යොමු කළ අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා එම නිවාස යෝජනා ක්‍රමවල ක්‍රමවත් ජල හා මළ ප්‍රවාහන පද්ධති නොමැති බව පෙන්වා දුන්නේය. 

අක්‍රමවත් ඉදිකිරීම් ඔස්සේ ජලය පොළවට උරා ගැනීමට ඇති අවස්ථා අවහිර කිරීම  ජල ගැලීම් ඇතිවීමට ප්‍රධාන හේතුව වී ඇති බවත්, නීති විරෝධී ඉදි කිරීම් පාලනය  විය යුතු බවත් මෙහිදී සාකච්ඡා විය.

බස්නාහිර පළාතේ වාර්ෂිකව සිදුවන ජල ගැලීම් නිසා සිදුුවන අලාභය ඇ.ඩොලර් මිලියන 300කට අධිකය. අක්‍රමවත් ඉදිකිරීම් ඊට හේතු වී තිබේ. මෙරට ජල හිඟයක් නොමැති  අතර, සමස්ත ජලයෙන් 50% ක් පමණක් ප්‍රයෝජනයට නොගෙන ඉතිරිය මුහුදට එකතු වන බවද මෙම හමුවේදී හෙළි විය.

නිසි ජල කළමනාකරණයක් නොමැතිවීම හේතුවෙන් ඇතිවන මෙම ගැටලු මඟහරවා ගැනීමට ලබන සතියේ පත් කරන නව කමිටුව මසකට වරක් රැස්වීමට නියමිතය. එක් එක් ආයතනවල කරන ලද ව්‍යාපෘති යෝජනා, සමීක්ෂණ වාර්තා මෙම කමිටුවට ඉදිරිපත් කර ජල ගැටලු අවම කිරීම සඳහා කඩිනම් විසදුම් ගැනීමට මෙහිදී තීරණය විය.

මෙම අවස්ථාවට වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම් ඩි. එම්. අනුර දිසානායක,  ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ඩී. ඩී. අරියරත්න, මහවැලි කලාප ආශ්‍රිත ඇලවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්. ඩී. පලුගස්වැව, වාරි මාර්ග අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් (ඉදි කිරීම් හා සංවර්ධන)  ඉංජිනේරු ටී. ජේ. මීගස්තෙන, වාරි මාර්ග අධ්‍යක්ෂ (ජල සම්පත් හා සැලසුම්) ඩබ්ලිව්. සී. එන්. වික්‍රමසිංහ,  ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී ඉංජිනේරු  ටී. එස්. විජේතුංග, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් මංජුල අමරරත්න, කෘෂිකර්ම අමාත්‍යංශයේ අධ්‍යක්ෂ චම්පිකා ධර්මසේන, කෘෂිකර්ම අමාත්‍යංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ප්‍රියන්ත වීරසිංහ, ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක  සාමාන්‍යාධිකාරී (සම්ප්‍රේෂණ) ඉංජිනේරු ආචාර්ය එම්. එන්. එස්. පෙරේරා,  ලංකා විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඉංජිනේරු එස්. එච්. මිදිගස්පේ මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img