Saturday, August 8, 2026
HomeNEWSරට පුරා විදුලි වැඩ වර්ජනයකට සැරසෙයි

රට පුරා විදුලි වැඩ වර්ජනයකට සැරසෙයි

විදුලිබල මණ්ඩලයේ සේවකයන් විසින් ක්‍රියාත්මක කරමින් පවතින සීමිත කාල සීමාවක වැඩවර්ජනය, දීපව්‍යාප්ත වැඩවර්ජනයක් දක්වා ව්‍යාප්ත කිරීමට විදුලි වෘත්තීය සමිති සූදානම් ‌ෙවයි.මෙම තීරණයට එළැඹීමට ඔවුන් අපේක්ෂා කරන්නේ, විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් රජය ගෙන යන වැඩපිළිවෙලට විරෝධය පළ කිරීමක් වශයෙනි.මෙහිදී විදුලි ඉන්ජිනේරු සංගමයේ විධායක කමිටු සාමාජිකයෙකු වන ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා කියා සිටියේ, මෙම වැඩවර්ජනය පිළිබඳව අවසන් තීරණය හෙට (15දා) විදුලි වෘත්තීය සංගම් නිලධාරීන්ගේ රැස්වීමෙන් අනතුරුව ගන්නා බවය.අසමසම ලෙස විදුලි සේවකයන්ගේ රැකියා අවදානමට ලක්වීම මීට හේතුවක් බව පැහැදිලි කළ ඒ මහතා, ස්වයං විශ්‍රාම ගැන්වීම යටතේ රජය විසින් ලබාදෙන රුපියල් මිලියන පහක වන්දි මුදල ද කිසිසේත් ප්‍රමාණවත් නොවන බව පෙන්වා දුන්නේය.විදුලිබල මණ්ඩලයේ විවිධ අංශවල ඉංජිනේරුවන්ගේ සිට, අතිශය දක්ෂතා ඇති අනෙකුත් සේවකයන් දක්වා විශාල පිරිසක් මේ වනවිට රට හැර ගොස් ඇති බවත්, ඔවුන්ගේ හිඟයක් පවතින බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.මෙම තත්ත්වය සම්බන්ධයෙන් රජය නිසි අධ්‍යයනයක් සිදු කර නොමැති බවද, විශේෂයෙන්ම ඉංජිනේරු අංශයේ දෙසීයකට වැඩි පිරිසක් මේ වන විටත් රට හැර ගොස් ඇති බවද ඔහු පෙන්වා දුන්නේය. එම නිසා පුහුණුව ලත් පිරිසක් නොමැතිව දැඩි වෙහෙසක් දරමින් 24 පැය පුරාම රටට විදුලිය සැපයීම වෙනුවෙන් විදුලි සේවකයන් ක්‍රියා කරන බවද ඔහු සඳහන් කළේය.යම් හෙයකින් විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කරන්නේ නම්, එය නිසියාකාරව සිදු කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා සඳහන් කළේය.ජනාධිපතිවරයා මේ සඳහා මැදිහත් වන්නේ නම්, ඒ සඳහා සහය ලබා දීමට සූදානම් බවද ඔහු කියා සිටියේය. රටේ ජනතාවගේ විදුලි අවශ්‍යතාව අවබෝධ කර ගනිමින් රජය ජනතාවාදීව කටයුතු කරනු ඇතැයි විශ්වාසය තබා ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට ඉන්දීය රජයේ අනුග්‍රහය

දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට ඉන්දීය රජයේ අනුග්‍රහයෙන් ශ්‍රී ලාංකික කිරි ගොවීන්ට විශේෂ පුහුණුවක්ඉන්දීය මහකොමසාරිස් කාර් යාලය හරහා කරන ලද ඉල්ලීමකට අනුව, ඉන්දීය රජයේ...

ජනපතිට යැවූ ලිපිය ප්‍රසිද්ධ කරන්න- ඒකාබද්ධ විපක්ෂය මහානාහිමිවරුන්ගෙන් ඉල්ලයි

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයෝ අද (08) පස්වරුවේ අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමිපාණන් වහන්සේ ද, මල්වතු...

ජනතාව සමඟ පාලනය කරන රාජ්‍යයක් ලෙස ගොඩනැගීමට අපි කැපවී සිටිනවා-අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි

දකුණු ආසියාවේ අනාගතය තීරණය වන්නේ ගෝලීය බල තුලනයේ සිදුවන වෙනස්කම් හෝ ආර්ථික තරඟකාරිත්වය මත පමණක් නොවෙයි රජය වෙනම ව්‍යුහයක් ලෙස සිටිමින් ජනතාව පාලනය කරන රාජ්‍යයක්...

මහානාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා තිබෙන බව මල්වතු නාහිමියන් පැවසූවා- දිනන දකුණ

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම පිළිබඳ ත්‍රෛනිකායික මහානාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා ඇති බවට මල්වතු පාර්ශ්වයේ මහ නාහිමියන් පැවසූ බව දිනන දකුණ සාමූහිකය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img