අත්‍යවශ්‍ය සේවා පවත්වා ගෙන යමින් සාමාන්‍ය ජනජීවිතය පවත්වා ගෙනයෑම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.
අද රට වසා දමන්නේ දැයි මාධ්‍යවේදීන් විමසූ විට ඊට පිළිතුරු දෙමින ඔහු එසේ පැවසීය.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (20) පැවති කොවිඩ් පාලනය පිළිබඳ කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා එසේ පැවසීය.
මාධ්‍යවේදියා : රට වහනවද කොහොමද ?
ඇමති ගාමිණී ලොකුගේ : නෑ. එහෙම අදහසක් නෑ. නමුත් අත්‍යවශ්‍ය සේවා පවත්වා ගෙන යනවා. අනෙක් දේවල් සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නවා මොකක්ද කරන්නේ කියලා.
මාධ්‍යවේදියා : ඒ කියන්නේ රට ලොක්ඩවුන් කිරීමක් වන්නේ නැත්ද ?
ඇමති ගාමිණී ලොකුගේ : අත්‍යවශ්‍ය සේවා නැතිව රට දුවන්න බෑනේ..
මාධ්‍යවේදියා : අත්‍යවශ්‍ය සේවා හැර අනෙක් ඒවා ලොක්ඩවුන් කරනවාද?
ඇමති ගාමිණී ලොකුගේ : ඔව්..ලොක්ඩවුන්.






















