Friday, November 6, 2026
HomeNEWSරනිල් ජනාධිපති වෙලා ඉන්නකොටත් රිලව් හිටියා ඒත් පොල් ප්‍රශ්නයක් පැමිණියේ නැති බව...

රනිල් ජනාධිපති වෙලා ඉන්නකොටත් රිලව් හිටියා ඒත් පොල් ප්‍රශ්නයක් පැමිණියේ නැති බව වජිර පෙන්වා දෙයි.

එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඊයේ දින (31) දින ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේදී මාධ්‍ය අමතා කළ කතාව ප්‍රථමයෙන් ශ්‍රී ලාංකික මහජනතාවට මේ 2025 වර්ශය සුබ නව වසරක් වේවායි මා ප්‍රාර්ථනා කරනවා.කෙසේ වෙතත් වර්ශය ආරම්භයේ සිටම සමස්ථ මහජනතාව විශාල පීඩනයකින් සිටන බව අපට පෙනෙන්නට තිබෙනවා. එක අතකින් රටේ සහල් හිඟය අනෙක් පැත්තෙන් වන සතුන් හේතුවෙන් වගාවන්ට සිදුවන හානිය. මේ සියල්ලකින්ම අවසානයේ දුක් විඳින්න සිදුවන්නේ රටේ සමස්ථ මහජනතාවටයි. ඒ නිසා මේවාට මුහුණදිය යුත්තේ කෙසේද කියා එක්සත් ජාතික පක්ෂය මේ වනවිට සොයා බලමින් සිටිනවා.මෙවැනි තත්ත්වයක් ඇතිවන බව දන්න නිසා තමයි 8 වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා දිගින් දිගටම ප්‍රකාශ කලේ රටක් ඉදිරියට ගෙනියන්න නම් පළපුරද්ද, අත්දැකීම් සහ කළමණාකාරීත්වය ඉතා වැදගත් කියලා. ඒ නිසාම එතුමා කිව්වා පළපුරුද්ද තියන අය පාර්ලිමේන්තුවට යවන්න කියලා.නමුත් බහුතරයක් ශ්‍රී ලාංකික පුරවැසියන් තීරණය කළා රට ඉදිරියට ගෙනියන්න කිසිඳු පළපුරුද්දක් අවශ්‍ය නොමැති බව. ඒ නිසා ඔවුන් රටේ වගකීම පළපුරුද්දක් නැති කොට්ඨාශයකට බාර දුන්නා. මෙය ඉතාම භයානක තත්ත්වයක්. සමහර අය මේ පළපුරුද්ද ගැන කතා කරනකොට එය විහිලුවකට භාජනය කළා. කෙසේ වෙතත් මේ සියල්ලෙන්ම සිදුවුණේ සමස්ථ ශ්‍රී ලාංකික ජාතියම විශාල පීඩනයකට ලක්වීමයි. අපි දැන් බැලිය යුත්තේ 2025 වර්ශයේදී මේ රටේ සමස්ථ මහජනතාව ඒ විශාල පීඩනයෙන් මුදවා ගන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මහජන පරමාධිපත්‍ය බලගන්වෙන්නේ කෙසේද කියලා.අද රට තුළ විශාල වශයෙන් පොල් හිඟයක් ඇති වෙලා තියනවා. මේකට ආණ්ඩු පක්ෂයේ අය කියනවා රිලව් නිසා පොල් වගාවට හානි සිදුවෙලා කියලා. නමුත් ශ්‍රී ලාංකික මහජනතාව එක දෙයක් හොඳින් මතක තබා ගත යුතුයි, පහුගිය අවුරුදු දෙක හමාර තුළත් මේ රිලව් හිටියා. නමුත් පොල් අඩුවක් තිබුණේ නැ. ඒක එහෙම වුණේ රට පාලනය කළේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා නිසයි.ඒ වගේම සහල් හිඟයක් ගැනත් අද ජනතාව මැසිවිලි නගනවා. මේ ගැනත් ශ්‍රී ලාංකික මහජනතාව මේ දෙය මතක තබා ගත යුතුයි. මැතිවරණ කොට්ඨාශයක නිවාස 18000 ක් තිබෙනවා නම් නිවාස පවුල් 10000 කට පහුගිය කාල වකවානුවේ තිබුණු ආර්ථික පීඩනයෙන් මිදෙන්න අවශ්‍ය නිසා රට යම් තත්ත්වයකට ගෙන එන්න නොමිලේ සහල් ටොන් ගණනාවක් බෙදා දුන්නා. එදා එහෙම සහල් බෙදන අවස්ථාවේදීත් ඔය කියන ප්‍රධාන මෝල් හිමියන් පස් දෙනා හිටියා.ඔය කියන මෝල් හිමියන් පස් දෙනාම මගේ මතකයේ හැටියට සමස්ථ සහල් පරිභෝජනයෙන් සියයට 26 කට පමණයි දායක වන්නේ. ඉතිරි සියයට 74 හසුරුවන්නේ අනෙක් මෝල් හිමියන් විසින්. නමුත් නිසි කළමණාකාරීත්වයක් නැතිව සිදුවන ක්‍රියාවලිය නිසා අද වනවිට මහජනතාව පීඩනයට පත්ව තිබෙනවා.මේ කාරණා දෙක පමණක් නෙමෙයි, පළපුරුද්ද ලබාගන්න ගියොත් අවුරුද්දක්, දෙකක් නැතිනම් ඊටත් වඩා කාලයක් ගතවෙයි. උදාහරණයක් හැටියට හෝටලයක සේවය සඳහා යම් පුද්ගලයෙක් පැමිණෙනවා නම් ප්‍රථමයෙන්ම ඔහුට ආධුනිකත්ව මණ්ඩලයේ පුහුණුවක් ලබාගත යුතුව තිබෙනවා. අනතුරුව ඔහුව සේවයට බඳවා ගත්තත්, එම හෝටලයේ කාමරයක් පිළියෙල කරන ආකාරය, කෑම මේසයක් පිළියෙල කරන ආකාරය ආදි වශයෙන් නොයකේ දේවල් ප්‍රායෝගිකව පුහුණු විය යුතුව තිබෙනවා. ඔහු මේ කර්තව්‍යයන්ට දක්ෂ නම් පමණක් ඔහුව හෝටලයේ සේවය සඳහා ස්ථිරව බඳවා ගන්නවා.එවැනි සමාජයක තමයි මේ රටේ ජනතාව විසින් සමස්ථ ශ්‍රී ලාංකික ජාතියේම වගකීම කිසිඳු පළපුරුද්දක් නැති කොට්ඨාශයකට බාරදුන්නේ. එසේනම් එහි ආනිශංස මේ රටේ සමස්ථ ලාංකිකයින් දැන් භුක්ති විඳිය යුතුව තිබෙනවා. දැන් වෙන කරන්න දෙයක් නැහැ. මෙය කළමණාකරනය පිළිබඳ විශාල ප්‍රශ්නයක් හැටියටයි මම දකින්නේ. ඒ නිසා තමයි 8 වන විධායක ජනාධිපතිවරයා පුන පුනා කිව්වේ වරදක් කරගන්න එපා, පළපුරුදු අයට රට ඉදිරියට ගෙනියන්න අවස්ථාව ලබා දෙන්න කියලා.නමුත් මහජනතාව අපි කිව්ව දෙය විශ්වාස කළේ නැහැ. කමක් නෑ. එය මහජනතාවගේ අයිතියක්. නමුත් ඒ දෙස අපි දැන් බලන් සිටිනවා. මේ බව දන්න නිසා තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති ධුරයෙන් නික්ම යන අවස්ථාවේදී ප්‍රකාශ කළේ, බලය ඇතත්, නැතත්, තනතුරු ඇතත්, තනතුරු නැතත්, ශ්‍රී ලංකාවට කරදරයක් නම් එතුමා ඒ වෙනුවෙන් ඕනෑම් අවස්ථාව පෙනී සිටිනවා කියලා. එක්සත් ජාතික පක්ෂ සභාපති,හිටපු අමාත්‍ය වජිර අබේවර්ධනමාධ්‍ය ඒකකය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතාට ස්ථාන මාරුවක්

ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ බන්දුල ගුණරත්න ලබන 09 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ විනිසුරුවරුන් පුහුණු කිරීමේ ආයතනය වෙත ස්ථාන මාරු...

විධායකය, ව්‍යවස්ථාදායකයට අනිසි අත පෙවීම් කරනවා – විපක්ෂ නායක සජිත්

කතානායකවරයාගේ විශ්වාසභංගයේ වගන්ති වෙනස් කරන්න කළ බලපෑම විධායකය ව්‍යවස්ථාදායකයට කරන අනිසි අත පෙවීමක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තමා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු...

අග්‍රාමාත්‍යතුමිය පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ 2026 විධායක සැසියට සහභාගී වෙයි

අග්‍රාමාත්‍යතුමිය පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ 2026 විධායක සැසියට සහභාගී වෙයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  2026 නොවැම්බර් 03 වන දින ඇන්ටිගුවා සහ බාබියුඩාහිදී පැවති පොදුරාජ්‍ය...

රටට වැඩක් කරන්න පුළුවන් එකම එක මුස්ලිම් නායකයෙක්වත් මාලිමා ආණ්ඩුවට නැහැ- ෂිරාස් යුනුස්

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් බවත් එම සිංහල බෞද්ධකම මගින් අනෙකුත් ජාතීන්ට සහ ආගම්වලට රැකවරණය හිමිවන බවත් නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ෂිරාස් යුනුස්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img