Wednesday, September 23, 2026
HomeNEWSරනිල් රිමාන්ඞ් කළ දවසේ රෑ12 වනතුරු බන්ධනාගාරය අසල සිටි බව චාමර හෙළි...

රනිල් රිමාන්ඞ් කළ දවසේ රෑ12 වනතුරු බන්ධනාගාරය අසල සිටි බව චාමර හෙළි කරයි

එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බන්ධනාගාර ගත කළ දවසේ තමන් රෑ 12 වනතුරු බන්ධනාගාරය ඉදිරිපිට සිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක හෙළි කරනවා. ඔහු මේ බව කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ 79 වෙනි සංවත්සරයට සහභාගී වෙමින් එම උත්සවය අමතමිනි

පාර්ලිමේන්තුවේ එක ආසනයක් තිබිලත් පක්ෂය ආරක්ෂා කරගත් නායකයින් ඉන්න පක්ෂයක් තමයි එක්සත් ජාතික පක්ෂය කියන්නේ. මේ පක්ෂය වැටෙන්නේ නෑ. වට්ටන්නත් බැහැ. මම ආදරේ කරේ මේ පක්ෂයට නෙමෙයි රනිල් වික්‍රමසිංහට. රනිල්ට ආදරේ කරලා තමයි මම මේ පක්ෂයට වැඩ කරන්න ආවේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති කරන්න පාර්ලිමේන්තු ඡන්දේ වෙලාවේදී මම තමයි ඔයගොල්ලන්ගේ ලොක්කව ජනාධිපති කරන්න ෆයිල් එක අරන් ගියේ. මනෝ, වඩිවේල් එහෙම මගේ ළඟට ඇවිත් ඇහුවා මචන් නම්බරස් හරිද කියලා. මම කව්වා හරි කියලා. ඕගොල්ලන්ගේ එක ඡන්දෙන් ආව නායකයව අපි 133 ක් අරන් දීලා රටේම නායකයා බවට පත් කළා. එතුමා රට හැදුවා. රට හදලා තමයි බාර දුන්නේ.මේ ඊයේ පෙරේදා ආණ්ඩුවේ සභානායකතුමා අහනවා රනිල් මොනවද කළේ කියලා. ඔබතුමා එකක් කළේ නැහැ. අනිත් ඔක්කොම කළා. ඒ මොකද්ද? ඒ තමයි පාර්ලිමේන්තුව ගිනිතියන්න ආව ඔය තුන් හතර දෙනා අල්ලලා ඇතුළට දැම්මේ නැහැ. ඕක තමයි ඔබතුමා කරපු නැති දේ. අනිත් ඔක්කොම කළා. තෙල් ගෙනත් දුන්නා, ගෑස් ගෙනත් දුන්නා, ඩොලර් ගෙනාවා, වෙඩි බෙහෙත් ගෙනාවා. ගේන්න තිබ්බ හැමදේම ගෙනත් දීලා රට තැනකට ගෙනත් දුන්නා. අපි ආණ්ඩුවට ඇතුලෙදිත් ගහනවා, එලියෙදිත් ප්‍රහාර එල්ල කරනවා. අපි අපේ වැඩේ කරනවා. අපිටයි පොදුජන පෙරමුණටයි ඔක්කොටම තියෙන්නේ ලක්ෂ 65යි. සජබයි ඕගොල්ලොයි එකතු වුණොත් නිකන්ම 65 ක් තියනවා. පොදුජන පෙරමුණේ ලේකම්තුමා ඉන්නවා, අපි ඉන්නවා, අපේ ඡන්ද ටික තමයි අනුර ගාව තියෙන්නේ. එදා ජනාධිපති වරප්‍රසාද කප්පාදු අවස්ථාවේදී මම විතරයිනේ ඡ්නදය දුන්නේ. ඒ වෙලාවේ මම බිමල් රත්නායකට කිව්වා මෝඩ වැඩ කරන්න එපා කියලා. ඔයගොල්ලෝ ගාව තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයගේ ඡන්ද. එතුමගේ වරප්‍රසාද කප්පාදු කරනවා කියන්නේ ඒ ඡන්ද තමයි ඔයගොල්ලන්ගේ ගැලවෙන්නේ කියලා. ඉතින් අපි ඕන් නෑ මේගොල්ලන්ට. මේ දෙගොල්ලෝ එකතු වුණාම නිකන්ම මේගොල්ලන්ගේ බස් එක ලෝඩ් වෙනවා. අපිට නගින්න ඉඩක් නැති වෙයි. මට නිමල් සිරිපාලද සිල්වාටයි ෆුට් බෝඩ් එකේවත් නගින්න ඉඩ තියෙයිද දන්නෑ. මේක තේරුම් ගන්න. මේක තමයි සිංහල ගණිත ක්‍රමයේ ලේසිම ගණන් හැදිල්ල. මීට වඩා ගණන් හැදිල්ලක් නැහැ.දැන් බලන්න ගිය සැරේ ඡන්දය. අනුර සියයට 54 යි. සජිත් 44 යි. අපේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා සියයට 22 යි. ඉතින් මේ 44 යි 22 යි එකතු කරාම එතනම 66යි. ඒ නිසා මේක එකතු කරගෙන ඉදිරියට යන්න. හැබැයි දෙපැත්ත එකතු නොවී අපිටනම් කතා කරන්න එපා. ඒකත් කෙලින්ම කියන්න ඕන. අපේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා බන්ධානාගාරගත කරපු දවසේ බන්ධනාගාරය ඉස්සරහට වෙලා රෑ 12 වෙනකන් මම හිටගෙන හිටියා. මම ඒ තරම් එතුමට ගරු කරනවා. ඒ වගේම දැන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාටත් මම සලකනවා. එතුමත් අපිත් එක්ක හොඳයි. හැබැයි ඉතින් එකතු නොවි නම් ඔය දේ කරන්න බැහැ. ඔක්කොම වැඩ කාරයෝ ටික මෙතන තමයි ඉන්නේ. මේ කට්ටිය එකතු කරන් රට ඉදිරියට ගෙනියන්න පුලුවන් එකම නායකයා තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඒ නායකයා නැතිව අපිට විශ්වාසයක් නැහැ, මේක එකතු කරන් යන්න. මොකද මේ ආණ්ඩුව එච්චර කල් යන්නේ නැහැ. මොකද යන්න දන්නෙත් නැහැ. අතට දීපු බත් ටික කටට දා ගන්න බැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම 2026 පළමු මාස අටේදී ඩොලර් බිලියන 12 ඉක්මවයි

ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම 2026 පළමු මාස අටේදී ඩොලර් බිලියන 12 ඉක්මවයි 2026 වසරේ මුල් මාස අට තුළ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු...

22කට එරෙහිව කොළඹදී පන්දම් විරෝධතාවක්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලිප්ටන් වටරවුමේදී පන්දම් විරෝධතාවයක් පැවැත්විණි. එම විරෝධතාවය සංවිධානය කර තිබුණේ නිදහස්...

පාස්කු ඉරිදා ප්‍රහාරයට වරදකරුවන් වූ 15 දෙනාට එක් අයෙකුට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්

පාස්කු ඉරිදා ප්‍රහාරයට වරදකරුවන් වූ 15 දෙනාට එක් අයෙකුට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්. දඬුවම ක්‍රියාත්මක මොහොතේ සිට නිශ්චල - චංචල දේපළ...

ආණ්ඩුවේ හොරුන්ට එරෙහිව කිසිම නීතියක් නැහැ-නාමල් රාජපක්ෂ

ආණ්ඩුවේ හොරකම් වෙනවා ජනාධිපතිතුමා ඇස්වහගෙන-නාමල් රාජපක්ෂ ඩොලර් බිලියනයක් පන්නනවා, අනේ ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන. රටේ විරැකියාව වැඩි වෙනවා, ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන. ගොවියාගේ වී වල,...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img