රාජගිරිය, ප්‍රදේශයේ නිවසක ඊයේ (25) අලුයම 3ට පමණ කාන්තාවකගේ ගෙල සිරකර ඝාතනය කර තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට හේවාවත්තගේ විජිත කුමාර හෙවත් ජින්ටි රන්ජි නැමැත්තෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
රාජගිරිය ප්‍රදේශයේම නිවසක සැඟව සිටියදී නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් සැකකරුව අද (26) අත්අඩංගුවට ගෙන ඇත.
CCTV දර්ශන ඔස්සේ සිදුකළ විමර්ශන අනුව පැය 24ක් ගතවීමටත් පෙර සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවූ අතර සැකකරු මීට පෙරද අතුරුගිරිය ප්‍රදේශයේ කාන්තාවකගේ ගෙල සිරකර රන් මාලයක් කොල්ල කා ඇති බවද අනාවරණ වී තිබුණි.






















