Sunday, September 6, 2026
HomeNEWSLatest Newsරාජ්‍ය අමාත්‍යාංශ 35කට ලේකම්වරු පත්කෙරේ

රාජ්‍ය අමාත්‍යාංශ 35කට ලේකම්වරු පත්කෙරේ

රාජ්‍ය අමාත්‍යාංශ 35ක් සඳහා නව ලේකම්වරුන් පත්කර තිබේ.

පසුගිය 19 වන දා රැස් වූ කැබිනට් මන්ඩලය විසින් අදාළ පත් කිරීම් සඳහා අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වේ.

එම පත් කිරීම්වලට අදාළ ගැසට් නිවේදනය ඊයේ (24) නිකුත් කර තිබේ.

අමාත්‍ය මණ්ඩල ලේකම් ඩබ්ලිව්.එම්.ඩි.ජේ.ප්‍රනාන්දු මහතාගේ අත්සනින් යුතුව එම ගැසට් නිවේදනය නිකුත්කර ඇති බව සඳහන්ය.

ඒ අනුව මුදල්, ප්‍රාග්ධන වෙළෙදපල සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශය සදහා ආර්.එම්.රත්නයක මහතා පත්කර ඇති අතර සමෘද්ධි ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයංරැකියා, ව්‍යාපාර සංවර්ධන සහ ඌණ උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ඩබ්ලිව්.එම්.එන්.බි.හපුහින්න මහතා පත්කර තිබේ.

ජාතික උරුම ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස එස්.ටි.කොඩිකාර මහතා පත්කර ඇති අතර ග්‍රාමීය නිවාස ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස රංජිත් අබේසිරිවර්ධන මහතා පත්කර ඇති බව සඳහන්ය.

ඩි.පි.ජි.කුමාරසිරි මහතා වතු නිවාස හා ප්‍රජායටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ලෙසත් ජි.සි.කරුණාරත්න මහත්මිය බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්තාපන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරිය ලෙසත් පත්කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු මිසයිල ප්‍රහාර

ඉරාන - බොරතෙල් අපනයනයෙන් 90% ක් පමණ මෙහෙය වන, "කාර්ග් දූපත" අසලදී, ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු මිසයිල ප්‍රහාර 04 ක් එල්ල වී ඇති...

නාමල් අත්අඩංගුවට ගැනීම එජාපය දැඩි පිළිකුලකින් යුතුව හෙළා දකී

එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ විශේෂ නිවේදනය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්...

ලිට්‍රෝ ගෑස් මිල පහළට

අද (05) සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළට. 12.5 kg රු. 100 (නව මිල රු. 4,365), 5 kg රු. 42 (නව මිල රු. 1,750), 2.3...

නාමල් රාජපක්ෂ 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

එයාර් බස් ගනුදෙනුවට අදාල සිද්ධියකට අත්අඩංගුවට ගත් පා.ම නාමල් රාජපක්ෂ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 18 දක්වා රිමාන්ඩ්.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img