Sunday, November 15, 2026
HomeNEWSLatest Newsරාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මැතිතුමාගේ උපදෙස් පරිදි ගෆුර් මැදුරේ ඉදිකිරිම් කටයුතු...

රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මැතිතුමාගේ උපදෙස් පරිදි ගෆුර් මැදුරේ ඉදිකිරිම් කටයුතු විධිමත් කෙරේ.

රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මැතිතුමාගේ උපදෙස් පරිදි  ගෆුර් මැදුරේ ඉදිකිරිම් කටයුතු විධිමත් කෙරේ.

පුරා විද්‍යා වටිනාකමකින් යුත් කොළඹ අග නගරය මධ්‍යයේ පිහිටි ගෆුර් ගොඩනැඟිල්ල පුරා විද්‍යා ආඥා පනත යටතේ 2000 වර්ෂයේ ඔක්තෝම්බර් 04 වෙනි දින ගැසට් කරනු ලැබුයේ එහි ඇති පෞරාණික වටිනාකම නිසාය. 2011 වසර වන විට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ දෙවැනි පාලන කාලය ඇරඹීමත් සමඟ එවකට නාගරික සංවර්ධන හා රාජ්‍ය ආරක්‍ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් කොළඹ නගරයේ සුන්දරත්වය ඇති කිරිමේ වැඩ සටහන යටතේ බොහෝ ව්‍යාපෘති වලට පිඹුරුපත් සකස් කරමින් නගර අලංකාර ව්‍යාපෘති පිළිබඳව සිය පරිකල්පනය යථාර්ථයක් බවට පත් කරන ලදී.

එහි ප්‍රතිඵලයක් ලෙස වහල කැඩී වල් බිහිවු ලන්දේසි රෝහල දර්ශනීය ආපන ශාලා සහ නවීන පන්නයේ සාප්පු සංකීර්ණයක් බවට පත් වෙමින් මුළු පැරණි කොටුව ප්‍රදේශයම ඉතා කෙටි කාලයක් තුල විස්මිත අයුරින් වෙනස් වී 2014 දී චීනයේ ෂෙන්දු නගරය දෙවන ස්ථානයට පත් කරමින් ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වන නගරය ලෙස කොළඹ නගරය සම්මානයෙන් පිදුම් ලැබීය.  ඊට සමගාමීව 2012 වර්ෂයේ ආරම්භ කරන ලද ගෆුර් ගොඩනැඟිල්ලේ ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු 2015 වර්ෂයෙන් පසු අතරමඟ ඇන හිට තිබු ව්‍යාපෘතියකි. නමුත් නැවත වරක් වත්මන් ජනාධිපතිතුමන්ගේ ‍සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙල යටතේ නාගරික සංවර්ධන විෂය භාරගත් වත්මන් නාගරික සංවර්ධන, වෙරළ සංරක්‍ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම,  ප්‍රජා පවිත්‍රතා රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මැතිතුමන් කොළඹ නගරය ආකර්ශනීය නගරයක් බවට පත් කිරිමේ සුවි‍ශේෂි වැඩ පිළිවෙල ආරම්භ කරනු ලැබුයේ ගිලී තිබු පාවෙන වෙළඳ සංකීර්ණය ප්‍රති සංස්කරණයට පත් කර ප්‍රති සංවිධානය කර අළුත් මුහුණුවරකින් නුදුරේදී විවෘත කිරිමට අවැසි පසුබිම නිර්මානය කරමින්ය. එහි තවත් සාඩම්බරනීය පියවරක් ආරම්භ කිරිම වෙනුවෙන් ගෆුර් ගොඩනැඟිල්ලේ  නිරික්‍ෂණ චාරිකාවකට 2020.09.08 වන දින  එක්වු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා ප්‍රකාශ කර සිටියේ 1915 දී මුතු මැණික් ව්‍යාපාරිකයෙකු වු අබ්දුල් ගෆුර් මහතා විසින් ඉදිකරන ලද මෙම ගොඩනැඟිල්ල කොළඹ අග නගරයට සුන්දරත්වයක් කැඳවන අයුරින් නිම කිරිම සිදු කල යුතු වන්නේ එහි පෞරාණික උරුමය හා වටිනාකම ආරක්‍ෂා කරමින් බවයි. එමෙන්ම මෙවැනි පෞරානික ගොඩනැඟිලි ප්‍රතිසංස්කරණය කිරිමේ අරමුණ අනාගත පරපුරට එම ඓතිහාසික උරුමය පවරා දීම මෙන්ම පොදු මහජනතාවට ද එයින් යම්කිසි ප්‍රති ලාභයක් අත් කර දීමට බව අමාත්‍යවරයා අවධාරනය කලේය. මෙම කාරනා දෙකම සංකලනය වන පරිදි කොළඹ වරාය ආසන්නයේ පිහිටි මෙම ගොඩනැඟිල්ල මහල් 05 කින් සමන්විත හෝටල්, සාප්පු සංකීර්ණ, අවන්හල් වලින් සමන්විත ආකර්ශනීය ස්ථානයක් බවට පත් කිරිම තුල කොළඹ අග නගරය සංචාරක පාරාදිසයක් බවට පත් කිරිම සඳහා නුදුරේදී ආරම්භ වන බහු ප්‍රවාහන මධ්‍යස්ථානය සහ පාවෙන වෙළඳ පොල වැනි ව්‍යාපෘති සමඟ සම්බන්ධ වන අඛන්ඩ වැඩ පිළිවෙලක් බව සඳහන් කලේය. තවද ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමන් ආරම්භ කල මෙම ව්‍යාපෘතිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා තමන්ට භාරදුන් මෙම කටයුත්ත සීඝ්‍රයෙන් නිම කර ජනතා අයිතියට පත් කරන බවත් ඒ වෙනුවෙන් රාජ්‍ය සේවයට ගෞරවයක් ලබා දෙමින් තමන්ට පවරන කාර්ය්‍ය භාරය මැනවින් ඉටු කරන  නාගරික සංවර්ධන අධිකාරියේ සහ ඒ යටතේ ඇති ආයතනයන්හි සේවකයන්ගේ කාර්ය්‍යක්‍ෂමතාවය  තමන් බෙහෙවින් අගය කරන බවත් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මැතිතුමන් වැඩිදුරටත් සඳහන් කලේය. මෙම අවස්ථාවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති හර්ෂාන් ද සිල්වා,නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් ප්‍රසාද් රණවීර යන මහත්වරුන් සහ ශ්‍රි ලංකා නාවික හමුදාවේ නිලධාරින් ඇතුළු අමුත්තන් රැසක් එක්වුහ.    

අදාල ඡායාරූප විද්‍යුත් තැපෑලට යොමුකර ඇත.

ඉහත ප්‍රවෘත්තිය සඳහා ඔබ මාධ්‍ය මගින් ප්‍රචාරයක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

ධම්මික මංජිර පෙරේරා

නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා

ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img