රාජ්‍ය ආයතන අතර පවතින කඹ ඇදිල්ල නවතා රටේ සංවර්ධනයට දායකවන්න. මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු.
නොයෙකුත් රාජ්‍ය ආයතන අතර තිබූ කඹ ඇදීම් හේතුවෙන් යුධ සමයේ සිට වසර විසි ගණනක් වසා දමා තිබූ යක්කුරේ මනම්පිටිය මාර්ගය ඉක්මණින් සංවර්ධනය කර ජනතා අයිතියට පත් කරන ලෙස මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහාතා පසුගියදා පොලොන්නරුව ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන කමිටු රැස්වීමේදී අදාල නිලධාරීන් හට උපදෙස් ලබාදෙන ලදී. යක්කුරේ සිට මනම්පිටිය දක්වා කිලෝමීටර් 60 ක් දුරගෙවා පැමිණෙන ජනතාවට මෙම මාර්ගය හරහා කිලෝමීටර් 11 කින් ගමනාන්තයට පැමිණීමට පහසුකම් සැලසෙනු ඇත.
කඩිනම් මහවැලි වැඩසටහන යටතේ ඉදිකල යක්කුරේ මනම්පිටිය මාර්ගය රටේ පැවති යුද්ධය නිසා වසා දමා තිබුණි. වනජීවී කලාපයක් හරහා මෙම මාර්ගය වැටී ඇති බැවින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිසි අවසරය ගෙන පාරිසරික වාර්තා අධ්‍යනය කර කිසිම ගසකට හානි නොවන ආකාරයෙන් කඩිනමින් මෙම මාර්ගය සංවර්ධනය කිරිමට කටයුතු කරන බව පවසන ලදී.
යුද්ධය අවසන් වීමට ප්‍රථම වසා තීබු මාර්ග දැන් විවෘත කර ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ ජනාධිපති මන්දිය ඉදිරිපිට ඇති මාර්ගය, තෙල් ටැංකි ඉදිරිපිට ඇති මාර්ගද විවෘත කර ඇති බවත් සදහන් කලේය. එම මාර්ග යුද්ධය ඇති වකවානුවේ ආරක්ෂාව සම්බන්ධයෙන් වසා දැමූ මාර්ග බවත් ඒවා දැන් විවෘත කිරිම කර ඇති බවත් ඒ නිසා දැන් යුද්ධයක් නොමැති නිසා විවෘත කිරිමට බාධාවක් නොමැති බවද පෙන්වා දෙන ලදි. එම අවස්ථාවට සහභාගි වූ රාජ්‍ය නිලධාරින්ගෙන් අමාත්‍යවරයා ඉල්ලා සිටියේ නීතියෙන් පිට පනින්නේ නැතිව සංවර්ධනය ඉදිරියට කරගෙන යාම සදහා සහයෝගය ලබා දෙන ලෙසය. අතීතයේ තිබූ මාර්ගයක් නැවත ප්‍රතිසංස්කරණය කිරිමට කිසිදු බාධාවක් නොමැති බවත් එවැනි මාර්ගයක් සදහා නව මාර්ගයක් ඉදිකිරිමට අවසර ගනු ලබන ආකාරයෙන් නැවත රාජ්‍ය ආයතන වලින් අවසර ගැනීමක් සිදු නොකල යුතු බවත් සදහන් කරන ලදී. අපි වැනෙන ආණ්ඩුවක් නොවේ. අපි වැඩ කරන ආණ්ඩුවක්. එම නිසා නිසි වෙලාවට රට සංවර්ධන කිරිමට අපි නිසි තීන්දු තීරණ ගනීමට පසුබට නොවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා, ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ, මහවැලි කලාප ආශ්‍රිත ඇලවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් සහ ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉංදික අනුරුද්ධ මහතා ඇතුළු රාජ්‍ය නිලධාන් විශාල පිරිසක් සහභාගි විය.






















