රාජ්‍ය සේවයේ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන කමිටුවට මේ වන විට අභියාචනා 6952 ක් ලැබී තිබේ.
ඉන් අභියාචනා 2365ක් කමිටුවට සෘජුවම ලැබී ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.
2015-2019 කාලයේ රාජ්‍ය සේවය තුළ සිදු වූ දේශපාලන පළිගැනීම් සොයා බැලීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම කමිටුවට පත් කළ අතර එහි මූලික වාර්තාව පසුගිය දා අග්‍රාමාත්‍යවරයා වෙත භාර දී තිබුණි.
මේ අතර රාජ්‍ය සේවයේ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බලන කමිටුවේ නව සභාපති ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්රමුඛ කමිටු සාමාජිකයන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබේ.
ඊයේ (18) අරලියගහ මන්දිරයේ දී මෙම හමුව සිදුවූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ ය.
මෙම කමිටුවේ සභාපතිවරයා ලෙස මීට පෙර මහින්ද යාපා අබේවර්ධන මහතා කටයුතු කළ අතර ඔහු කථානායක ධූරයට පත්වීමත් සමග නව සභාපතිවරයා ලෙස ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පත්කෙරුණි.






















