Sunday, September 20, 2026
HomeNEWSරියාද් හිදී සෞදි විදේශ ඇමතිගෙන් විජිත ඇමතිට සුබ පණිවිඩයක්

රියාද් හිදී සෞදි විදේශ ඇමතිගෙන් විජිත ඇමතිට සුබ පණිවිඩයක්

රියාද් හි 26 වැනි UNWTO මහා සභා රැස්වීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සහභාගි වේ. එහිදී සෞදි අරාබියේ කළ සංචාරයේදී ඵරට විදේශ කටයුතු අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් කුමරු සමග සාකච්ඡාවක් පැවැත්වීමට විදේශ අමාත්‍ය විජිත හේරත් අමාත්‍යවරයාට හැකි වූ අතර එම සාකච්ඡාවෙන් අනතුරුව විජිත හේරත් අමාත්‍යවරයා සිය Xගිණුමේ දැක්වූ සටහන පහත සඳහන් වේ.

රියාද්හි 26 වන UNWTO මහා සභා රැස්වීමට සහභාගී වීම සඳහා සෞදි අරාබියට කළ සංචාරයේදී අද දින සෞදි අරාබි රාජධානියේ විදේශ කටයුතු අමාත්‍ය අතිගරු ෆයිසාල් බින් ෆර්හාන් කුමරු සමඟ මම ඵලදායී ද්විපාර්ශ්වික හමුවක් පැවැත්වුවෙමි. අපගේ ද්විපාර්ශ්වික දේශපාලන හා ආර්ථික සහයෝගීතාව තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා ක්‍රම සහ විධි අපි සාකච්ඡා කළෙමු. ශ්‍රී ලංකාවේ වත්මන් ආයෝජන හිතකාමී පරිසරය පිළිබඳව මම විස්තර කළ අතර විවිධ අංශවල රට තුළ විහිදෙන ආයෝජන අවස්ථා ප්‍රයෝජනයට ගන්නා ලෙස සෞදි පෞද්ගලික අංශයට ආරාධනා කළෙමි. මගේ සංචාරයේදී දෙරටේ වාණිජ මණ්ඩල සම්මේලනයන් අතර ස්ථාපිත කිරීමට නියමිත පළමු ව්‍යාපාරික කවුන්සිලය ද මම ඉස්මතු කළ අතර එය දෙරට අතර පෞද්ගලික අංශයේ අන්තර්ක්‍රියා වැඩි දියුණු කිරීම සඳහා උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියා කරයි. පලස්තීන ගැටලුවට කල් පවතින විසඳුමක් සොයා ගැනීම සඳහා සෞදි අරාබියේ ප්‍රමුඛ කාර්යභාරයට ප්‍රශංසා කරන අතරම, පලස්තීන කාරණයට ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික සහ නොසැලෙන සහයෝගය මම නැවත තහවුරු කළෙමි. මගේ හමුවීමේදී, ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 50 වන සංවත්සරය සනිටුහන් කිරීම සඳහා සෞදි තැපෑල විසින් නිකුත් කරන ලද සමරු මුද්දර සෞදි විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් නිල වශයෙන් භාර දෙන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත්-විපක්ෂ නායක සජිත්

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත් කියා අමතක නොකළ යුතුයි-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති සේම පාර්ලිමේන්තුවේ 2/3ක් සහ පළාත් පාලන ආයතන...

ප්‍රදේශ කිහිපයකටම නාය යෑමේ අනතුරු ඇඟවීම්

මහනුවර - පස්බාගේ කෝරලය, කෑගල්ල - දෙහිඕවිට, අරනායක, දැරණියගල, මාවනැල්ල සහ යටියන්තොට, නුවරඑළිය - කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර, අඹගමුව සහ නෝර්වුඩ් ප්‍රා.ලේ. කොට්ඨාසවලට තුන්වන...

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීමේ වැඩසටහන ඇරඹෙයි

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩිලබා දීමේ වැඩසටහන රජරට විශ්වවිද්‍යාලයෙන් ඇරඹේ ඉදිරියේදී මෙම වැඩසටහන සියලු විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක කරනවා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති...

ඉවත් කිරීමට එරෙහිව ක්‍රිකට් තේරීම් කමිටු හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ නඩු පවරයි.

ගිවිසුම් කාලයට පෙර තමා ඉවත් කිරීමට එරෙහිව SLC සහ පරිවර්තන කමිටුවෙන් රු:මි:75 ක් වන්දි ඉල්ලා, තේරීම් කමිටු හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කොළඹ වාණිජ මහාධිකරණයේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img