Sunday, November 15, 2026
HomeNEWSLatest Newsරුපියල් කෝටි 20 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක්

රුපියල් කෝටි 20 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක්

රුපියල් කෝටි 20 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක්

පියල් කෝටි 20 ක පමණ වටිනාකමින් යුත් ” මැන්ඩි ” නම් කෘත්‍රිම රසායනික මත්ද්‍රව්‍ය තොගයක් දෙහිවල පොලිසියේ විශේෂ විමර්ශන කණ්ඩායමක් විසින් සොයාගෙන තිබේ.

ඒ මෙරටින් හමුවූ එම වර්ගයේ විශාලතම මත්ද්‍රව්‍ය තොගයයි.

මෙම මත්ද්‍රව්‍ය තොගය පිළිබඳ තොරතුරු ලැබී ඇත්තේ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ඔත්තුකරුවෙකුගෙනි.

ඒ අනුව, ගල්කිස්ස පොලිස් කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් ප්‍රේමරත්න මහතාගේ මෙහෙයවීමෙන් දෙහිවල පොලිස් ස්ථානයේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීම සිදුකර ඇත.

මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනුණේ අම්බලන්ගොඩ පටබැඳිමුල්ල වෙරළ මාවත ප්‍රදේශයේ අබලි ද්‍රව්‍ය ගබඩා කරන ස්ථානයකිනි.

“මැන්ඩි” නැමැති කෘත්‍රිම රසායනික මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12 ක් එහිදී සොයාගෙන තිබේ.

මුහුදු මාර්ගයෙන් ගෙන්වූ බව පැවසෙන මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 20ක් පමණ වන බව පොලිසිය පවසයි.

මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන්, අම්බලන්ගොඩ පදිංචිකරුවෙකු වන ගිහාන් ඉෂාන්ත නැමැති 33 හැවිරිදි ධීවරයා අත්අඩංගුවට ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකළ ‘හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි තොගයක් සොයා ගැනේ

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකල 'හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි අවි, බඳින තුවක්කු සහ වෙඩි බෙහෙත් තොගයක් සොයා ගැනේ! වන අලි ඇතුන්ගේ ජීවිත...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වැල්වැටිතුරෙයි නගර සභාවේ සභාපති එම්.කේ. සිවාජිලිංගම් (69) අභාවප්‍රාප්ත වෙයි.

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img