Friday, May 22, 2026
HomeNEWSරොබෝවරු වන් දරු පරම්පරාවක් වෙනුවට දරුවෙකුට සජීවී ජීවිතයක් ලබාදීමේ අරමුණින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ...

රොබෝවරු වන් දරු පරම්පරාවක් වෙනුවට දරුවෙකුට සජීවී ජීවිතයක් ලබාදීමේ අරමුණින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කරන බව ජනපති පවසයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුව අද ඇමතීය.ඒ යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයේදීය.නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හැම දරුවෙකුටම ප්‍රශස්ත අධ්‍යාපනයක් ලබාදීමේ වගකීම ආණ්ඩුව විසින් බාර ගන්නා බව එහිදී ජනාධිපතිවරයා පැවසුවේය.ආණ්ඩුවේ කාර්යභාරය වන්නේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාමුව හැදීම බවත් ඉගැන්විය යුත්තේ කුමන විෂයන්ද කියා තෝරා ගැනීම කළ යුත්තේ අධ්‍යාපනඥයන් බවත් හෙතෙම කියා සිටියේය.දරුවන් මත පටවා තිබෙන අධ්‍යාපනයේ බර අඩු කළ යුතු බවත් රොබෝවරු වන් දරු පරම්පරාවක් වෙනුවට දරුවෙකුට සජීවී ජීවිතයක් ලබාදීමේ අරමුණින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කරන බවත් සදහන් කලේය.ආගම, ඉතිහාසය ආදී ඕනෑම දෙයක් ඉගෙන ගනිමින් ඒවායේ පරතෙරට යෑමට නව අධ්‍යාපන ක්‍රමයෙන් ඉඩ ලබා දී තිබෙන බවත් ජනාධිපතිවරයා තව දුරටත් පැවසුවේය.යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදය අමතමින් ජනාධිපතිවරයා මේ බව කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව හැම පොරොන්දුවකටම ලෝක තත්වය ගැන සඳහන් කළ යුතුයි- සුජීව

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ වර්තමාන මාලිමා ආණ්ඩුව ඉදිරියේදී පොරොන්දු දෙනවා නම් ලෝක තත්ත්වයන් හමුවේ වෙනස් විය හැකි බව යනුවෙන් සඳහන් කරමින් ජනතාවට පොරොන්දු ලබා...

සීනි මිලෙහි වැඩිවීමක්!

‍සීනි අපනයනය අත්හිටුවීමට ඉන්දියාව ගෙන ඇති තීරණය හේතුවෙන් වෙනත් රටවලින් සීනි ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එහි...

ආනයනය කරනු ලබන වාහන සඳහා 50%ක අධිභාරයක්

ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ...

ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 331අභිබවයි

මහ බැංකුව විසින් අද (15) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 323.53ක් ලෙස සටහන් වී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img