Saturday, November 14, 2026
HomeNEWSLatest Newsරොහා ඝාතනය වූ පසු කුඩු අංජු තැබූ ෆේස්බුක් සටහන

රොහා ඝාතනය වූ පසු කුඩු අංජු තැබූ ෆේස්බුක් සටහන

රොහා ඝාතනය වූ පසු කුඩු අංජු තැබූ ෆේස්බුක් සටහන

“ගොනාකෝවිලේ රොහා“ නම් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයා අද (24) පොලීසිය සමඟ ඇතිවූ වෙඩි හුවමාරුවකදී ජීවිතක්ෂයට පත් වුණි.

ට්‍රෝලර් යාත්‍රාවකින් ඉන්දියාවට පළායාමට මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයට පැමිණ සිටි අවස්ථාවේදී එම වෙඩි හුවමාරුව සිදුව තිබේ.

කෙසේ වෙතත්, සිද්ධිය වන අවස්ථාවේ “රොහා“ සමඟ සිටි දෙදෙනෙකු පැනගොස් ඇති බව පොලීසිය පවසයි.

හැරල් රෝහණ ද සිල්වා හෙවත් ගොනාකෝවිලේ “රොහා“ මීගමුව කොච්චිකඩේ පෝරුතොට කම්මල් මෝය පාර වෙරළ තීරය හරහා ඉන්දියාවට පැනයාමට උත්සාහ කරන බවට බස්නාහිර උතුර දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට තොරතුරු ලැබී තිබුණි. 

ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අද (24) අළුයම 03ට පමණ  ඔවුන් මෙහෙයුමක් දියත් කර ඇත.

පොලීසිය පැවසුවේ, තම කණ්ඩායම “ගොනාකෝවිලේ රොහා“ සැඟව සිටි නිවසට ළඟාවන විට එහි ටී 56 ගිනි අවියක් සමඟ රැඳී සිටි පුද්ගලයන් දෙදෙනෙකු ගිනි අවිය බිම දමා පළාගිය බවය. 

පොලිස් නිලධාරීන් විදුලි පන්දම් එළියෙන් නිවසට ඇතුළුවන විට ගොනාකෝවිලේ “රොහා“ පොලිස් නිලධාරීන්ට වෙඩිතැබීමට උත්සාහ කර තිබේ. 

පොලීසිය පැවසුවේ, එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් සිදුකළ වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ “රොහා“ මීගමුව රෝහලට ඇතුළත් කිරීමේදී මියගිය බවය. 

අද දහවල් ස්ථානීය පරීක්ෂණය මීගමුව මහෙස්ත්‍රාත්වරයා විසින් සිදුකළේය.

මෙහිදී රොහාගේ ගමන් මලු තුළ තිබී ඉන්දීය රුපියල් දෙදහසේ නෝට්ටු 40ක්, ඉන්දීය රුපියල් 500 නෝට්ටු 50ක් හා මෙරට පන්දහසේ නෝට්ටු 30ක් සොයාගත් බව ද පොලීසිය පැවසීය.

අද පොලිස් වෙඩි පහරින් මියගිය රොහා පසුගිය මස නුවරඑළියේ පිහිටි වෙළඳ සංකිර්ණයක තවත් දෙදෙනෙකු සමග සිටින අයුරු දැක්වෙන දර්ශන පෙළක් මාධ්‍යයට නිකුත් කර තිබුණි.

එම  පුද්ගලයා විසින් 2016 දී කුරුණෑගල මාස්පොත ප්‍රදේශයේ දී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වෙඩි තබා එක් අයෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු බව වාර්තා වේ. 

එමෙන්ම “ලන්සියා“ නම් අපරාධ කල්ලි සාමාජිකයා ඝාතනය කිරීම ඇතුළු ඝාතන කිහිපයකට ද ඔහු පොලීසියට අවශ්‍යව සිටි අයෙකි.

එම “ලන්සියා“ නම් අපරාධ කල්ලි සාමාජිකයා ඝාතනය කිරීමත් සමග ඔහුගේ ප්‍රධානතම ප්‍රතිවාදියා වූයේ “ලන්සියාගේ“ සහෝදරයා වූ අමල් සින්හාරා හෙවත් “කුඩු අංජුය“.

අවස්ථා කිහිපයකදීම ඔවුන් දෙදෙනා අතර ගැටුම් ඇති වී ඇති අතර කුඩු අංජු විසින් මොහුව ඝාතනය කිරීමට උත්සාහ දරා තිබුණි.

මේ වන විට ඉතාලියේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන “කුඩු අංජු“ සිය ෆෙස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසා තිබුණේ රොහාගේ දේහය එම ප්‍රදේශයට නොගෙනෙන ලෙසත් ඔහුගේ අවසන් කටයුතුවලට සහභාගීවන පුද්ගලයන් ඝාතනය කරන බවත්ය.

එමෙන්ම ගේම් ඕවර් ලෙසින් ද “කුඩු අංජු“ එහි සටහනක් තබා තිබුණි.

මේ අතර “කුඩු අංජුගේ“ හා “ධර්මේගේ“ හෙරෝයින් ජාවාරමේ මුදල් ගණුදෙනු කළ පුද්ගලයන් දෙදෙනෙකු බස්නාහිර දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ (23) අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ, මීගමුව බෝලවලාන හා කටුනායක කුරණ යන ප්‍රදේශවලදීය.

ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක් මීගමුව නගර සභාවේ සේවකයෙකු වන අතර අනෙක් පුද්ගලයා වාහන අමතර කොටස් අලෙවි කරන්නෙකි. 

ඔවුන් දෙදෙනාගේ ගිණුම්වල පසුගිය මාස 06 ක කාලය තුළ රුපියල් ලක්ෂ 4000 කට අධික මුදලක් සංසරණය වී ඇති බව පොලීසිය පවසයි. 

මෙහිදී අත්අඩංගුවට පත් මීගමුව නගර සභා සේවකයාගේ ගිණුමේ තිබී රුපියල් කෝටි 18ට අධික මුදලක් මෙම කාලවකවානුව තුළද හුවමාරු වී තිබේ.

පොලීසිය පැවසුවේ අනෙක් පුද්ගලයාගේ ගිණුමේ කෝටි 04ට අධික මුදලක් සංසරණය වී ඇති බවය.

මොවුන් දෙදෙනා විසින් තම ගිණුම්වලට මුදල් බැර වූ පසුව අන්තර්ජාලය හරහා විවිධ පුද්ගලයන්ට ලබාදෙන බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබේ. 

මොවුන් දෙදෙනාව අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගියමැයි මස අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවය.

මේ අතර විදෙස්ගතව සිටින අපරාධ කල්ලි සාමාජිකයෙකු වන “පූ ගුඩි කන්නා“ නම් පුද්ගලයාගේ සමීපතමයෙකු වන “කුඩු ලාල්“ අද පොලිස් විශේෂ කාර්ය බලකා  සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය විසින් අත්අඩංගුවය ගෙන තිබේ.

එහිදී සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 27ක් , අයිස් ග්‍රෑම් අටක් , රුපියල් දස ලක්ෂ පනස්දහසක්, රුපියල් ලක්ෂ 15ට අධික රත්‍රං භාණ්ඩ තොගයක් ද සොයාගෙන ඇත.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img