රෝහල්ගතව ප්රතිකාර ලබන දරුවෙක්ගේ පියා කොවිඩ් ආසාදිතයෙක්
රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්රතිකාර ලබමින් සිටින දරුවෙකුගේ පියෙකුට ද කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වි ඇත.
මාස 5ක් පමණ වයසැති එම දරුවා අගොස්තු මාසයේ සිට රෝහල්ගතව ප්රතිකාර ලබන අතර එම දරුවාගේ පියා සහ මව තාවකාලිකව කොටිකාවත්ත ප්රදේශයේ නවාතැන් ගෙන සිට ඇති බව වාර්තා වේ.
ඔවුන්ගේ පදිංචිය මහනුවර ප්රදේශය බව රෝහල් බලධාරීන් පැවසීය.
රෝහලට පැමිණි අවස්ථාවකදී එම දරුවාගේ පියා සහ මව PCR පරීක්ෂණ සඳහා යොමුකර ඇති අතර ඊයේ කළ එවැනි පරීක්ෂණයක දී පියාට කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබේ.
රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්යක්ෂ ජී. විජේසුරිය මහතා සඳහන් කලේ මෙතෙක් දරුවාට හෝ මවට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී නැති බවත් ආරක්ෂාකාරී පියවරක් ලෙස එම දරුවා ප්රතිකාර ලබන වාට්ටුවේ සේවක මණ්ඩලය PCR පරීක්ෂණ සඳහා යොමු කරන බවත්ය.






















