Monday, October 26, 2026
HomeNEWSLatest Newsලංකාවෙ වැඩි පිරිසක් ඔබතුමාව බලාපොරොත්තුවෙන් ඉන්නවා. කරු ජයසුරිය මැතිතුමාට මහා සංඝරත්නය පවසති.

ලංකාවෙ වැඩි පිරිසක් ඔබතුමාව බලාපොරොත්තුවෙන් ඉන්නවා. කරු ජයසුරිය මැතිතුමාට මහා සංඝරත්නය පවසති.

“එක්සත් ජතික පක්ෂය බේරාගත හැකි එකම නායකයා කරු ජයසූරිය පමණයි” අස්ගිරි පාර්ශවයේ ජ්‍යෂ්ඨ කාරක සංඝ සභික සුදුහුම්පල රජ මහා විහාරාධිපති මකුරුප්පේ රතනපාල රතනජෝති නා හිමියෝ පවසති. උන් වහන්සේ මෙම අදහස් පළ කලේ හිටපු කථානායක කරු ජයසූරිය මහතා 202.08.31 දින මල් වතු අස්ගිරි හා රාමඥ්ඥ නිකායන්හි මහානායක හිමිපාණන් වහන්සේලා බැහැ දැකීම සඳහා මහනුවර බලා ගිය අවස්ථාවේ දීය.

කරු ජයසුරිය මහතාට ආශිර්වාද කරමින් ශ්‍රී රතනපාල රතනජෝති නා හිමියෝ මෙසේද පැවසූහ.
පසුගිය කාළයේ ඔබතුමන් සිංහයෙක් වගේ ඉදිරිපත් වෙලානෙ ආණ්ඩුව බේරා ගත්තෙ, නැත්තම් එදා ඕක යනවනෙ ගැස්සිලා ඔබතුමාට මතක ඇති මුලින්ම මම කිව්වෙ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඔබතුමා අනුශාසක වශයෙන් ඉන්න කරු ජයසූරිය මැතිතුමාට නායකකම දෙන්න කියලා. 
මොකද අපි කැමති නෑ පක්ෂයක් වැළලිලා යනවට දැන් මොකද ඒකෙන් උනේ බලන්නකො පක්ෂයක් නෑ.. අලියෙක් නෑ..
ඇත්තටම ඔබතුමාට දුන්නොත් ඇත්තටම ඔබතුමාට ගොඩගන්නත් පුළුවන් ලංකාවෙ වැඩි පිරිසක් ඔබතුමාව බලාපොරොත්තුවෙන් ඉන්නවා. මගෙත් එක්කනම් මේ නුවර පළාතේකතා කරන කව්රුත් කියන්නෙ ඇයි හාමුදුරුවනේ කරු ජයසූරිය මහත්තයට දෙන්නෑ කියන්නෙ, දෙන්න කියන්නකො ඇරං භාරගෙන කරන්න කියන්නකො, යන හැම තැනකම ඕකනේ කියන්නෙ. ඒ නිසා මේක අනිවාර්යයෙන් විය යුතුම දෙයක්. ඔබතුමා පස්සට යන්න එපා. එච්චරයි කියන්නෙ. පහුගිය දවස්වල භික්ෂුන් වහන්සේලාගේ රැස්වීමක් අපි තිබ්බනේ ඔක්කොම එක හඬින් කිව්වෙ ඔබතුමාට දෙන්න කියලනෙ පක්ෂයේ හොඳ ජේෂ්ඨයො අල්ලාගෙන සාකච්ඡා කරලා කොහොම හරි මේ පක්ෂෙ බේරාගන්න අපි සටන් කළ යුතු වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

“ඔර්නබ්‘ සුළිකුණාටුවේ බලපෑමෙන් පළාත් කිහිපයකට තද වැසි

‘ඔර්නබ්‘ සුළිකුණාටුවේ බලපෑම ශ්‍රීලංකාවට වක්‍රාකාරව බලපාන බැවින් උතුර,බස්නාහිර,සබරගමුව,වයඹ,මධ්‍යම සහ දකුණු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද තද වැසි ඇතිවිය හැකියි-MET

ලූලා ද සිල්වා සිව්වැනි වරටත් බ්‍රසීලයේ ජනාධිපතිධූරයට

බ්‍රසීල ජනාධිපතිවරණයේ දෙවන වටයෙන් දක්ෂිණාංශික සෙනට් සභික ෆ්ලේවියෝ බොල්සනාරෝට එරෙහිව, වාමාංශික නායක ලුවිස් ඉනාසියෝ ලූලා ද සිල්වා ජයග්‍රහණය කළ බව එරට මැතිවරණ අධිකාරිය පවසයි -ලූලාද...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් හර පද්ධතියක් සහිත පරපුරක් බිහි කරනවා-අගමැතිනිය

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් දැනුම, කුසලතා මෙන්ම හර පද්ධතියක් සහිත පරපුරක් බිහි කරනවා -අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 2026 වසරේදී පළමු වසර සඳහා හඳුන්වා දුන් නව විෂය...

සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවනු ලැබුවා- පූජ්‍ය උලපනේ සුමංගල හිමි

රජය සමඟ සාකච්ඡා කර පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ නිදහස ලබා ගැනීමට පියවර ගන්නා බව ත්‍රෛනිකායික මහානායක හිමිවරු ලිඛිතව දැනුම් දී ඇති බැවින්,පසුගිය දින 10ක...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img