Sunday, September 20, 2026
HomeNEWSලංකාවේ දුප්පතුන් ගැන අලුත්ම වාර්තාව

ලංකාවේ දුප්පතුන් ගැන අලුත්ම වාර්තාව

පවතින අර්බුදය හමුවේ 2021 වසර තුළ මෙරට ජන ගහණයෙන් ලක්ෂ 24කට අධික පිරිසක් දුගීභාවයට පත් ඇති බව ජාත්‍යන්තර රතු කුරුස සමාජය පවසයි.

ඔවුන් විසින් නිකුත් කළ නවතම සමීක්ෂණ වාර්තාවක මේ බව සඳහන් කර තිබුණි.

වර්තමාන අර්බුදය හමුවේ මෙරට ජනගහණයෙන් 11%ක් පමණ එනම් 24 ලක්ෂයකට අධික පිරිසක් පසුගිය 2021 වසර තුළ දුගීභාවයට පත්ව ඇති බව එහි දැක්වේ.

එහි සඳහන් වන්නේ, වඩාත් දුගී පවුල්වල ආදායමෙන් අඩක් පමණ අර්බුදය ආරම්භයේදීම අහිමි වී ඇති බවය.

එම පවුල් සිය වත්කම් විකිණීමටත්, ණයගැති වීමටත් පෙළඹී ඇත අතර සිය ආහාර වේල් කපා හැරීමටත් දරුවන්වන්ගේ පාසල් ගමන් නතර කිරීමටත් පියවර ගෙන ඇති බවද එම සමීක්ෂණ වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

එමෙන්ම මෙරට ජනගහණයෙන් 26% ක් එනම් පුද්ගලයින් 57 ලක්ෂයකට පමණ මානුෂීය ආධාර අවශ්‍ය බවත් එම වාර්තාවේ දැක්වේ.

එමෙන්ම මෙරට මිලියන 5ට අධික ජනතාවක් අහාර අවශ්‍යතාවයෙන් පෙළෙන බවද එම කාර්යාලය පවසයි.

එමෙන්ම කෘෂිකාර්මක ජනතාවයෙන් මිලියන 3.45ක අධික සංඛ්‍යාවකට මෙම අර්බුදය දැඩිව බල පා ඇති අතර, පෝෂණ අවශ්‍යතා සහිත ජනගහණය මිලියන2.43ක් සහ අත්‍යාවශ්‍ය ඖෂ්‍ය අවශ්‍ය ජනගහණය මිලියන 2 කට ආසන්න බවද එම වාර්තාවේ සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීමේ වැඩසටහන ඇරඹෙයි

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩිලබා දීමේ වැඩසටහන රජරට විශ්වවිද්‍යාලයෙන් ඇරඹේ ඉදිරියේදී මෙම වැඩසටහන සියලු විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක කරනවා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති...

ඉවත් කිරීමට එරෙහිව ක්‍රිකට් තේරීම් කමිටු හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ නඩු පවරයි.

ගිවිසුම් කාලයට පෙර තමා ඉවත් කිරීමට එරෙහිව SLC සහ පරිවර්තන කමිටුවෙන් රු:මි:75 ක් වන්දි ඉල්ලා, තේරීම් කමිටු හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කොළඹ වාණිජ මහාධිකරණයේ...

පැලවත්ත හැර සියලු පක්ෂ සමඟ සාකච්ඡා කරනවා- හිටපු ජනපති රනිල්

පිටකෝට්ටේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළ කල අදහස් දැනට සාකච්ඡා පත්‍රිකාවක් සකස් කර අප...

මරණ දඬුවම නියම වූ අනෝජන්ගේ ජීවිතය බේරාගැනීමට කඩිනම් මැදිහත්වීමක් අවශ්‍යයි- ෆයිසර් මුස්තෆා

සෞදියේදී මරණ දඬුවම නියම වූ අනෝජන්ගේ ජීවිතය බේරාගැනීමට කඩිනම් මැදිහත්වීමක් අවශ්‍යයි: ෆයිසර් මුස්තෆා සවුදි නීතියට ගරු කරමින් රාජකීය කරුණාව අයැදීමේ සහ අභියාචනයක අවශ්‍යතාව මතු කරයි රිසානා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img