Sunday, May 3, 2026
HomeNEWSLatest Newsලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය කල්යයි

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය කල්යයි

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය කල්යයි

ලබන නොවැම්බර් මස 14 වන දින ආරම්භ වීමට නියමිතව තිබූ ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය තවත් දින 7 කින් කල්දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව තරඟාවලියට සහභාගී වන විදෙස් ක්‍රීඩකයින්ට දින 14 ක නිරෝධායන කාලසීමාව සම්පූර්ණ කිරීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබාදීමට සිදුවීම හේතුවෙන් මෙම පියවර ගන්නා බව ක්‍රිකට් ආයතනය සඳහන් කර ඇත.

ඒ අනුව නොවැම්බර් මස 14 වන දින ආරම්භ වීමට නියමිතව තිබූ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය නොවැම්බර් මස 21 වන දා තෙක් කල් දමා තිබේ.

මෙම තත්ත්වය තුළ අයි.පී.එල් ක්‍රිකට් තරඟාවලියට සහභාගී වී සිටින ක්‍රිකට් ක්‍රීඩකයින්ට ද ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියට සහභාගී වීමේ අවස්ථාවක් හිමිවනු ඇති බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බැංකුවක වංචාවක් ගැන සඳහන් කරමින් රවීගෙන් ජනපතිට ලිපියක්

NDB බැංකු වංචාව, අතපසුවීම් සහ මූල්‍ය අධීක්ෂණයේ පද්ධතිමය දුර්වලතා පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර ස්වාධීන වෝහාරික පරීක්ෂණයක් පවත්වන්න. පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් කරුණු 05...

ත්‍රී රෝද රථවල ගාස්තුවල වැඩිවීමක් ඉල්ලයි

ඉන්ධන මිල ඉහළ යාමත් සමග ත්‍රීරෝද රථ ගාස්තුවේද යම් මිල වැඩි කිරීමක් සිදුකළ යුතු බව ජාතික ඒකාබද්ධ ත්‍රීරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ප්‍රධාන...

සියලු ඉන්ධන මිල යළි ඉහළට

අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලු ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව ලංකා සුදු...

සජබය හා එජාපය එක්වී අවසන් බව සජිත් තහවුරු කරයි

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ දෙක මේ වන විට එක්වී හමාර බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායකවරයා මේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img