ලැබුණු ප්‍රතිඵල ගැන සතුටුයි…
අපි කොහොමහරි ආණ්ඩු බලය ගන්නවා.. පරාජයෙන් පසු සජිත් කට අරී. පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් සමගි ජන බලවේගයට ලැබුණු ඡන්ද ප්‍රමාණය ගැන සතුටු වන බවත් පක්ෂය ලියා පදිංචි කර කෙටි කාලයක් තුළදී මෙවැනි ප්‍රතිඵලයක් ලැබීම හොඳ ප්‍රවණතාවක් බවත් කෙසේ හෝ ආණ්ඩු බලය ලබා ගැනීමට සියලු බලවේග එක් කරගෙන ඉදිරියේ දී කටයුතු කරන බවත් සමගි ජන බලවේගය නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි. පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵලවලින් පසුව විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළේය.






















