Tuesday, November 10, 2026
HomeNEWSලිට්‍රො ගෑස් සිලින්ඩරය ආරක්ෂිත ද? - සමාගමෙන් පැහැදිලි කිරීමක්

ලිට්‍රො ගෑස් සිලින්ඩරය ආරක්ෂිත ද? – සමාගමෙන් පැහැදිලි කිරීමක්

ලිට්‍රො සමාගම අද (24) මාධ්‍ය හමුවක් පවත්වා ගෑස් සිලින්ඩරවල ප්‍රමිතිය පිළිබඳව පැහැදිලි කළේය.

ඒ වෙළෙඳපොළේ පවතින ගෘහස්ත ගෑස් සිලින්ඩරවල ප්‍රමිතිය සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලට පිළිතුරු දෙමිනි.

ලිට්‍රො ගෑස් ලංකා සමාගමේ වෙළෙඳ හා අලෙවි අධ්‍යක්ෂ ජනක පතිරත්න මහතා,

“සියලුම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව තමයි මේ සියලුම ගෑස් සහ සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් කරන්නේ.”

ලිට්‍රො ගෑස් ලංකා සමාගමේ රසායනික හා ක්‍රියාදාම ඉංජිනේරු ජයන්ත බස්නායක මහතා,

“කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශය අසල පිහිටි පෞද්ගලික අවන්හලක ඇතිවූ සිද්ධිය තමයි මෑතකදී සිදුවූ ප්‍රධානම සිදුවීම. එම ස්ථානයට අපේ ආයතනයෙන් LP ගෑස් සැපයුම සිදු කළේ නෑ. ඊට කලින් සිදුවීම් කිහිපයක් සිදුවුණා. ඒවා අපි අධ්‍යයනය කළාට පස්සේ අපිට දැනගන්න ලැබුණේ LP ගෑස් සිලින්ඩරය හා සම්බන්ධ කරන අනෙකුත් උපාංග..බටය වෙන්න පුළුවන්, උදුන වෙන්න පුළුවන්. දෝෂයක් නිසා LP ගෑස් කාන්දුවීම නිසා එම අනතුරු සිදුවෙන්නේ කියලා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img