Tuesday, October 27, 2026
HomeNEWSLatest Newsලෝක පොල් දින සැමරුම 2020

ලෝක පොල් දින සැමරුම 2020

ලෝක පොල් දින සැමරුම 2020

ලෝක පොල් දින සැමරුම් උත්සවය 2020 සැප්තැම්බර් මස 02වන දිනලුණුවිල පොල් පර්යේෂණ ආයතනයේ දී  ගරු වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ හා පොල්, කිතුල්, තල් හා රබර්  පිළිබඳ ගරු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

පොල් වගාකිරිමේ මණ්ඩලය ,පොල් සංවර්ධන අධිකාරිය හා  පොල් පර්යේෂණ ආයතනය යන ත්‍රිත්වය ඒකාබද්ධව මෙම වැඩසටහන සංවිධානය කෙරුණි.

මෙහිදී, නව පොල් තෙල් නිෂ්පාදන හදුන්වා දීම, වැඩිදියුණු කරන ලද දෙමුහුන් වර්ගයේ පොල් පැළ හදුන්වා දීම හා පොල් වගාකිරිමේ මණ්ඩලයේ ව්‍යාප්ති සේවා අළලා coconut app ජනගත කිරීම ඇතුළු වැඩසටහන් රැසක් සංවිධානය කර තිබූණි. 

එහිදී ගරු වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ, අතිගරු ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුව වන්නේ කැබිනට් ඇමතිවරුන්ගේ කාර්යභාරය විමධ්‍යගත කොට රාජ්‍ය අමාත්‍යවරුන් හරහා වඩාත් ඵලදායි සේවාවක් ලබා ගැන්වීම. පොල් සහ අනෙකුත් වගාවන් සම්බන්ධ කටයුතු අතිගරු ජනාධිපතිතුමාත් සහ ගරු අගමැතිතුමාත් එක්ව එතුමාට පවරල තිබෙනවා. 

එනිසා එම කටයුතු වෙනුවෙන් පොල් හා සම්බන්ධ ඉදිරි කටයුතු වඩාත් සාර්ථක කර ගැනීම සඳහා රාජ්‍ය අමාත්‍ය අරුන්දක ප්‍රනාන්දු මහතාගේ දායකත්වයට ස්තුතිය පුද කරන අතර, ඉදිරි ගමන වඩාත් ශක්තිමත් කර ගන්නට වැවිලි කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් එතුමා සමග කටයුතු කරන්නට ලැබීම සතුටට කාරණයක් වගේම ඒ සඳහා සාර්ථක ගමනක් යන්නට අප  බලාපොරොත්තු වෙනවා.

දේශීය ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන පොල් හා අනෙකුත් භෝග වගා ප්‍රවර්ධනය සම්බන්ධ කටයුතු සාර්ථකත කර ගැනීමේ මූලාරම්භයකට එකුතු වීමට ලැබීම සතුටක් වෙන්නේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පසුගිය දින ශ්‍රී ලංකා 09 පාර්ලිමේන්තුව අභිනවයෙන් විවෘත කරන මොහොතෙදී එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කිරීමේන් පැහැදිළි වුණා ඉතා විශාල කොටසක් ආවරණය වෙලා තිබුණෙ දේශීය කර්මාන්ත වන, කෘෂිකර්මාන්තය, වැවිලි කර්මාන්තය, දියර කිරි කර්මාන්තය සහ ධීවර කර්මාන්තය ඇතුළු එම අංශයන්ගේ ප්‍රවර්ධනය සහ දියුණුව වෙනුවෙන් බව කියන්න පුළුවන්. එනිසා අද්‍යතන ශ්‍රී ලංකාවේ “වවන්නෝ දිනන්නෝ”යන කියමන මෙම භූමියෙහි සාර්ථක කර ගන්නවා වගේම, ලංකාවේ අපනයන ආදායම ඉදිරි කාලයෙහි දෙගුණ කර ගැනීම වෙනුවෙන් වැවිලි කර්මාන්තය ආශ්‍රෙයෙන් කටයුතු සියල්ල සූදානම් කරගෙන සිටින බව ඉතා ඕනෑකමින් කියනවා යැයි අමාත්‍යවරයා විසින් පැවසුවේය.

එසේම ඉදිරි කාලය තුළ ලංකාවේ සියළුම වගාවන් වන, පොල්, රබර්,තේ හා අනෙතුත් අපනයන භෝග ප්‍රවර්ධනය වෙනුවෙන් සහ ඵලදායීතාවය වැඩි කිරීම වෙනුවෙන් කළ හැකි කරුණු කාරණා රාශියක් අප පෙළ ගස්වල අපි සූදානම් වෙලා තියෙනවා. පොල් සඳහා පැනනැගුණ රතු කුරුමිණි ආදී රෝගවලට පිළියම් යෙදීම්, ජංගම තාක්ෂණීක යෙදවුම්, අපනයනකරුවන්ගේ ගුණාත්මකභාවය සහතික කරීම වෙනුවෙන් කටයුතු කරනු ලබනවා යැයි ද,

එසේම ඉදිරියේ  දී ලංකාවේ පොල් නිෂ්පාදන ඵලදායිතාව වැඩිකිරීම සඳහා ගතයුතු ප්‍රධාන ක්‍රියාමාර්ග දෙකක් හැටියට, ඉදිරි අයවැයෙන් ජල සම්පාදන ක්‍රමයක් සඳහා ණය යෝජනා ඉදිරිපත් කරන්නටත්, වඩාත් විධිමත් පොහොර සැපයුම් ක්‍රමයක් හඳුන්වා දීමෙන් පොහොර ප්‍රසම්පාදනය කරන්නටත් අවශ්‍ය පසුතලය සකස් කරගෙන යනවා අමාත්‍යවරයා පවසන ලදි.

එමෙන්ම ගෘහස්ථ පාරිභෝජනයේ දී පොල්වල නාස්තිය අවම කරගැනීමට අවශ්‍ය ජනතාව දැනුවත් කිරීමේ කටයුතු සංවිධානය කිරීම, කෙටිකාලීන වශයෙන් ලංකාවේ අපනයන කරුවන්ට අන්තර්ජාතික වෙළඳපොලේ දී තරඟකාරී මිලකට අවශ්‍ය පොල් ලංකාවේ දී මිලදී ගැනීමට ඵලදායීව මසකට පොල් ගෙඩි මිලියන 300-400 ත් දක්වා වර්තමාන නිෂ්පාදනයෙන් වැඩිකර ගැනීමට හැකි විශ්වාසය තබන බවත් අමාත්‍යතුමා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදි. 

අද හඳුන්වා වඩාත් ඵලදායි ප්‍රභේධයන් දෙකක් වන CRISL 2020 ඇතුළු ප්‍රභේධ ලංකාවේ ජනතාවට හඳුන්වා දීම හොඳ අස්වැන්නක් ලබා ගැනීමට අප කටයුතු කරනවා. එසේම දැනට ලංකාවේ පුරන්ව පවතින a”b”c යන ඛාණ්ඩ 03 යටතේ පුරන්කුඹුරු හෙක්ටයාර 100,000 ක පමණ ප්‍රමාණයක පොල් වගාව සඳහා අවසර ලබාදීමට ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සමග දැනටමත් සැලසුම් කරල තිබෙන බවත්, ඒ සඳහා නෛතික වශයෙන් ප්‍රතිපාදන සපයන්නට හැකි සියල්ල කරන බවත්, ඒ හරහා පොල් වගාවේ සාදනීය පරිවර්ථනයක් කරන බව එතුමා අවධාරණය කරන ලදි. ඉදිර වසර 05 තුළදී සැලසුම පරිදි අමරිකානු ඩොලර් බි. 1 ක් දක්වා වැඩිකිරීමට අපගේ  ඉලක්කය වෙනවා.

සත්‍යවශයෙන්ම තේ වලින් ලබන ආදායමටත් වඩා පොල් වලින් ලබන ආදායම වැඩිකරන්නට හැකියාව ඇති බව අපට පෙනෙනවා.එනිසා පොල් වගාව ප්‍රවර්ධනය කරන්නට හැකි සියළු ක්‍රමෝපායන් කරන්නට අප කටයුතු සැලසුම් කරන බව අප විශ්වාස කරනාවා. ඒ අනුව අතිගරු ජනාධිපතිතුමාගේ සහ ගරු අගමැතිතුමාගේ අභිප්‍රාය අනුව දේශීය ගොවිතැන, වැවිලි කර්මාන්තය නගාසිටුවීමට අප ක්‍රියා කරන බව ත් ඒ සඳහා අප සැම එකමුතුව වැඩ කළ යුතු වන බවත් එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදි.

මෙම කර්තව්‍ය සඳහා පොල්,කිතුල්,තල් හා රබර් වගා ප්‍රවර්ධන හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගිකරණ  ගරු රාජ්‍යඅමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා, එම අමාත්‍යාංශයේ ලේකම් තිස්ස හේවාවිතාන, හිටපු ගරු අමාත්‍ය රාමනායක මහතා, සහ හිටපු වයඹ පළාත් සභා ගරු අමාත්‍ය සන්ධ්‍යා රාජපක්ෂ මහතා, වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති ,පොල් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සනාතනී රණසිංහ මිය සහ එම නිලධාරීන්, වැවිලි අමාත්‍යාංශයේ සියළු නිලධාරීන්, වගා ප්‍රවර්ධන ව්‍යවසායකයින්, කර්මාන්ත කරුවන්, ඇතුළු පිරිසක් සහභාහී වූහ. 

මේ පිළිබඳ ඔබතුමාගේ විශේෂ අවධානය යොමුකොට මේ සඳහා මාධ්‍ය ආවරණ කටයුතු සලසා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මාධ්‍ය නිදහස නැති කිරීමටත් රජය වැඩ කරමින් සිටිනවා- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ අද (27) පැවැති ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී එහි කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පළ කල අදහස් රජය බලාපොරොත්තු...

නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකරයි

එයාර් බස් ගනුදෙනුවට අදාළව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පා. ම. නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකර ඇති බව, නීතිපති කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්...

අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත යුතුයි-ගම්මන්පිල දැඩිව කියයි

2026 ඔක්තෝම්බර් 26 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත...

සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය” බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

" සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය" බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img