Thursday, September 3, 2026
HomeNEWSLatest Newsලෝක ළමා දින ජාතික සැමරුම් පණිවිඩය

ලෝක ළමා දින ජාතික සැමරුම් පණිවිඩය

ලෝක ළමා දින ජාතික සැමරුම් පණිවිඩය

දරුවන් ලෝකයේ සියලු සෞන්දර්යයන් එකට කැටි කොට සොබාදහම නිමැවූ සොඳුරුතම දායාදයයි. අපේ අනාගතය, අපේ ලෝකය ආදරණීය දරුවන් බව සිහිපත් කරමින් ලෝක ළමා දිනජාතික සැමරුමට සුබ පැතුම් එක් කරනුයේ ඉමහත් සතුටිනි.

අද ඔබගේ තුරුළෙහි හිනැහෙන, අව්‍යාජත්වය කැටිකර ගත් මේ ආදරණී මුහුණු හෙට දවසේ අප රටේ අනාගතයයි. අනාගත ශ්‍රී ලංකාවේ අභිමානවත් උරුමකරුවන් වන අපගේ ආදරණීය දුවා දරුවන්ගේ ලෝකය සුව පහසු ස්ථානයක් බවට පත් කිරීම අප සැමගේවගකීමයි. 

දරුවන්ගේ සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුව ඇති කාල වකවානුවක් තුළ ඔවුන්ගේ ආරක්ෂාව, අධ්‍යාපනය හා සෙනෙහස ලැබීමට ඇති අයිතිය සුරක්ෂිත වන සේ සියලු දෙමාපියන්,වැඩිහිටියන් පුමුඛ සමස්ත සමාජයම ක්‍රියා කළ යුතුය. ඊට අවශ්‍ය සදාචාරමය හා නෛතික පසුබිම සැකසීමට අප රජයක් ලෙසනිරන්තරයෙන් කැප වී සිටී.

නිදහස් නිවහල් රටක් තුළ දරුවන්ගේ ජීවිත සුරක්ෂිත හා පරිපූර්ණ ජීවිතයක් බවට පත් කිරීම සෑම දෙමාපියෙකුගේම ඒකායනඅපේක්ෂාවයි. අපගේ අපේක්ෂාව වන්නේ රටේ සමාජ, ආර්ථික හාදේශපාලන ගැටලුවලින් පීඩා නොමැති පරිපූර්ණ සුන්දර ළමාවියක් රටේ සියලු දරුවන්ට උරුමකර දීමයි. පාසල් අධ්‍යාපනය අනිවාර්යය කරමින් නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කිරීමටත්, නිදහස් සෞඛ්‍ය ආරක්ෂා කරමින් දරුවන්ගේ සෞඛ්‍ය, පෝෂණය හා මානසික අවශ්‍යතා සපුරාලීමටත්, රජයක් ලෙස අපි කටයුතු කරන බව අවධාරණය කරමු. 

ආදරණීය දුවේ පුතේ, ඔබ උපන් මේ යුගය ඉතාමත් අභියෝගමත්යුගයකි. ඒ අභියෝග මතින් ඔබට සුන්දර ළමාවියක් මෙන්ම සුන්දර රටක් නිර්මාණය කිරීමේ සෞභාග්‍යයේ දැක්මට අප මුලපුරා තිබේ.අපේ රට-අපේ දෑතින්තේමාවෙන් ඒ සුන්දර ළමා ලෝකය තැනෙනු ඇතැයි  මාගේ විශ්වාසයයි.

සෞභාග්‍යමත් රටක් තුළ, රට වෙනුවෙන් සතුටින් ආඩම්බරයෙන් කැප වෙන පුරවැසියන් පිරිසක් ලෙස ඔබ අනාගත ලොවට පියමැණිය යුතු බව මාගේ විශ්වාසයයි. ඒ ඓතිහාසික යුගයේ ඔබත්, ඔබගේ නම ඉතිහාසයේ සටහන් කෙරෙන ආකාරයේ විශිෂ්ටයකුවීමට සිතා ගත යුතුය. ඒ සඳහා ඔබගේ බාල කාලය අර්ථාන්විතව යොදවනු ඇතැයි මම විශ්වාස කරමි.

ඔබට සුභ අනාගතයක් ..!!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සල්ගාදු පිටිය නොලැබුණොත් අනුරාධපුරයම ජනතාවගෙන් පුරවනවා- හිටපු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ

සාල්ගාදු පිටිය නොලැබුනද අනුරාධපුරයේ අපේ විරෝධතාවය සිදුකරනවා........... සැප්තැම්බර් 12 වෙනිදා අපි විසින් අනුරාධපුරයේ සාල්ගාදු පිටියෙහි සූදානම් කරනු ලබන විරෝධතා රැළිය නැවැත්වීමට ආණ්ඩුව විශාල වශයෙන් විවිධවූ...

දිනකට නව පිළිකා රෝගීන් 100ක් හඳුනා ගන්නවා- සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

කළුතර ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට නියමිත “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබයි. හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා...

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img