Friday, July 17, 2026
HomeNEWSවත්මන් රජයත් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් රැවටුවා - විපක්ෂ නායක...

වත්මන් රජයත් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් රැවටුවා – විපක්ෂ නායක සජිත්.

*පරාටේ නීතිය නැවතත් ක්‍රියාත්මකයි. හිටපු රජයත් වත්මන් රජයත් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් රැවටුවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා*https://youtu.be/Zsu-LGVIFYc?si=F-KXKBjluCc6CCYxWetransfer https://we.tl/t-JsAN0NY4AHඅප රටේ ආර්ථික වර්ධනයට විශාල දායකත්වයක් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ලබා දෙන බවත් මේ අය දළ දේශීය නිෂ්පාදනයට 50%කට වැඩි දායකත්වයක් ලබා දී රැකියා ලක්ෂ ගණනක් දෙන බවත් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් පාස්කු ප්‍රහාරය කොරෝනා හා බංකොලොත්භාවය නිසා ආර්ථික හානියට ලක්වු බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව පසුගිය කාලයේ ස්ථිර වශයෙන් මේ කර්මාන්ත 263200ක් වැසී ගොස් ඇති බවත් ඒ අතර තාවකාලිකව 59100ක් හා ස්ථිවරම 204100ක් වැසී ගොස් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.කාන්තා ව්‍යවසායකයින් 11700කගේ කර්මාන්ත තාවකාලිකව වැසි ගොස් ඇති බවත් මෙරට ආර්ථික වර්ධනයට දායකත්වයක් ලබාදුන් ඉරණම සෝචනීය බවත් පහුගිය කාලයේ පරාටේ නීතිය නිසා දේපළ ඉඩම් හිතුමතේට වෙන්දේසි වු බවත් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ හඬක් නගා පරාටේ නීතිය ක්‍රියාත්මක කිරිම තාවකාලිකව නැවැත්වු නමුත් පසුගිය රජයෙන් හා මේ රජයෙන් මේ කර්මාන්ත කරුවන්ට තිරසර විසදුම් නොලැබුණු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.මාර්තු 31 වන තුරු මේ රජය ද පරාටේ නිතිය තාවකාලිකව අත්හිටවුවත් අද සිට නැවතත් එය ක්‍රියාත්මක බවත් පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටවු අවස්ථාවේ මේ ව්‍යාපාරිකයන්ට විකල්ප විසදුම්, පොලි සහන හා ණය කපා හැරිම් කර ස්ථිර විසඳුමක් දෙන්න කිව්වත් හිටපු ආණ්ඩුව හා මේ ආණ්ඩුව කළේ පැලස්තර විසදුම් ඉදිරිපත් කිරිම මිස තිරසර ස්ථාවර විසදුම් ඉදිරිපත් නොකළ බවත් මේ නිසා රජයට උදව් කළ ව්‍යාපාරිකයන් පවා අගතියට පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඉදිරි පළාත පාලන මැතිවරණය වෙනුවෙන් හොරණ ආසනයේ පැවැති හමුවකදීය*ජනතා විමුක්ති පෙරමුණ රජය ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් රවටා මංමුලා කර අන්දවා අතරමං කළ බවත් ⁣ත්‍රිත්ව ඛේදවාචකය නිසා මේ ව්‍යාපාර කඩන් වැටන නිසා මේ දේ වුන නිසා මෙවැනි ගැටලුවලට මුහුණ දී ඇති බවත් අදටත් රජයට මේ ව්‍යාපාරිකයන් ගැන අවබෝධයක් නැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.*රැස්වීම් විතරයි වැඩ නෑ*කාලෙන් කාලෙට රැස්වීම්වලට ගෙන්වා සාකච්ඡා කරනවා මිස විසදුම් ඉදිරිපත් කර නොමැති බවත් ණය බරින් තෙරපි සිටින ව්‍යාපාරිකයන්ව වටේ යවමින් සිටින බවත් අවසානයේ මේ අයගේ දේපල වෙන්දේසි කරන බවත් එම නිසා මේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට කුඩම්මාගේ සැලකිල්ල ලබා නොදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.*පාසල් 1557ක් වහන්න යනවා*මේ වන විට රජය අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කරන්න යන බවත් ගුණාත්මකවත් හරාත්මකවත් ධනාත්මකවත් වැඩි වටිනාකමක් අධ්‍යාපනයට එකතු වෙන බව සිතුවත් සිසුන් ප්‍රමාණවත් නොමැති නිසා පාසල් 1557 වසා දමන්න යන බවත් එම පාසල්වලට ගුරුවරුන් සපයන්න නොහැකි බවට පවසන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.*පාසල්වලට නිදහස් අධ්‍යාපනය⁣ට නම් අත තියන්න එන්න එපා*රටේ පාසල් 10126ක් තිබුණත් පාසල් 1557ක් එනම් 15%ක් වසන බවත් පාසලක් විවෘත වීම තුළ හිර ගෙවල් රාශියක් වැසී ගියත් මෙසේ පාසල් 1557ක් වැසී යද්දි එය කෙසේ බලපායි ද කියා සිතිය යුතු බවත් ගුරු හිඟයට විසදුම ගුරුවරු බඳවා ගැනීම මිස පාසල් වැසීම නොවන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.එම නිසා පාසල්වලට අත නොතියන ලෙස රජයට අනතුරු අඟවන බවත් නිදහස් අධ්‍යාපන සංකල්පයට බාධා කරන්න ඉඩ දිය නොහැකි බවත් නිදහස් අධ්‍යාපනය මූලික මානව අයිතියක් බවත් එය සුරක්ෂා කරන්න කැපවෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදේශ ඇමති විජිත සහ එජාප සභාපති වජිර අතර හමුවක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, විදේශ අමාත්‍ය විජිත හේරත් සහ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන යන මහත්වරුන්ගේ අහඹු හමුවීමක් පසුගිය සෙනසුරාදා සවස ගාල්ල උඩුගම...

දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් චීනයට චෝදනා

තමා පරාජයට පත් වූ 2020 ඇමරිකානු ජනාධිපතිවරණයේදී , චීනය ඉතිහාසයේ විශාලම මැතිවරණ දත්ත සොරකම සිදු කළ බවත්, එහිදී ඡන්දදායකයින් මිලියන 220 කගේ දත්ත සොරකම්...

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සියදිවි නසා ගනී

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ගිනි අවියකින් වෙඩි තබාගෙන සියදිවි නසා ගනී - පොලිසිය.

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ඇමති විජිතගේ ශෝකය

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශෝක ප්‍රකාශන පොතේ අත්සන් තබයි. ​කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයකු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img