Tuesday, May 19, 2026
HomeNEWSවත්මන් රජය ගොවියාගේ ජීවත් වීමේ අයිතියත් වගා කිරීමේ අයිතියත් උදුරාගෙන-විපක්ෂ නායක සජිත්

වත්මන් රජය ගොවියාගේ ජීවත් වීමේ අයිතියත් වගා කිරීමේ අයිතියත් උදුරාගෙන-විපක්ෂ නායක සජිත්

*අද වන විට වත්මන් රජය ගොවියාගේ ජීවත් වීමේ අයිතියත් වගා කිරීමේ අයිතියත් උදුරාගෙන අවසන් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා*හේන් ගොවිතැනේ නියැලී සිටින ජනතාවගේ ගැටලු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරන බවත් මේ ගොවීන් ඉල්ලා සිටින්නේ සහනාධාර, මුදල් ආධාර නොව දශක ගණනාවක් පුරා වගා කළ බිමට අයිතිය බවත් බඩඉරිගු කොමඩු බණ්ඩක්කා ඇතුළු වගා කරන 5000ත් 6000ත් අතර පවුල් ප්‍රමාණයක් අක්කර 25000ක් තුළ දශක ගණනාවක් පුරා පාරම්පරික හේන් වගාව කරගෙන සිටින බවත් වගාවේ අයිතිය ඉල්ලා සිටින බවත් වගාවට ඇති ජීවනෝපායට ඇති ජීවත් වීමට ඇති අයිතිය මේ ගොවීන් ඉල්ලා සිටියත් අද එය උදුරාගෙන ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද මොනරාගල දිස්ත්‍රික්කයේ කොටියාගල ගොවි ජනතාවගේ ඉඩම් ගැටලු පිලිබඳ සාකච්ඡා කිරීම සදහා කොටියාගල 99 හංදිය ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමිනි.*රජයේ මැතිඇමතිවරු ළඟට මේ ගැටලුව ගෙන යන විට විහිලුසහගත උත්තර දෙන බවත් මේ ගැටලු දිස්ත්‍රික් කමිටුව හරහා විසඳා ගන්නා ලෙස කැබිනට් ඇමතිවරු කියා සිටින බවත් මේ අයිතිය ලබා ගන්න සමගි ජන බලවේගය පෙනී සිටින බවත් මේ වෙනුවෙන් නැගිය හැකි ලොකුම හඬ ප්‍රජාතන්ත්‍රවාදීව නගන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.පරම්පරා ගණනාවක් පුරා වගා කටයුතු කර රජයට බරක් නොමැතිව සිටි මේ ජනතාව නිදහස් නිවහල් ජීවිතයක් ගත කළත් අද රජය විසදුම් ලබා නොදීම නිසා දුප්පතුන් බවට පත් කරන තැනට පත් කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.NEWS CLIP 🧧 https://youtu.be/Mu9vglqskYY?si=dnJpl5xxitRR3G7w

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සීනි මිලෙහි වැඩිවීමක්!

‍සීනි අපනයනය අත්හිටුවීමට ඉන්දියාව ගෙන ඇති තීරණය හේතුවෙන් වෙනත් රටවලින් සීනි ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එහි...

ආනයනය කරනු ලබන වාහන සඳහා 50%ක අධිභාරයක්

ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ...

ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 331අභිබවයි

මහ බැංකුව විසින් අද (15) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 323.53ක් ලෙස සටහන් වී...

ඇමැති විජිතට බෙලරූස් ජනපති හමුවීමෙන් පසු දෙරට අතර සබඳතාවලට නව පරිච්ඡේදයක්

​අමාත්‍ය විජිත හේරත් මහතා බෙලරුස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලූකෂෙන්කෝ හමුවීමෙන් පසු මෙම සංචාරය ශ්‍රී ලංකා-බෙලරුස් සබඳතාවල "නව පරිච්ඡේදයක" ආරම්භය බව ප්‍රකාශ කරයි ​විදේශ කටයුතු, විදේශ රැකියා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img