භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය මගින් රාජ්‍ය භාණ්ඩාගාරයට අය විය යුතු රාජ්‍යභාග පසුගිය වසර ගණනාව පුරාම නිසි පරිදි සම්ප්‍රේෂණය වී නොමැති බව පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබේ.
කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා අවාධාරණය කර ඇත්තේ මේ හේතුවෙන් එය නිසි පරිදි සිදුකිරීමට කඩිනමින් ඉදිරි ක්‍රියාමාර්ග ගතයුතු බවය .
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සහ එයට සම්බන්ධ ජී .එස්. එම්. බී තාක්ෂණ සේවා සමාගම පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වෙත කැඳවූ අවස්ථාවේදි සභාපතිවරයා මේ බව සදහන් කළ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කළේය.
ඒ අනුව 2016 සිට 2021 දක්වා කාලය තුළ කාර්යාංශය විසින් රාජ්‍යභාග නිසි පරිදි එක්රැස් කොට තිබුණද භාණ්ඩාගාරයට යැවිය යුතු ප්‍රමාණය සම්ප්‍රේෂණය නොකොට කාර්යාංශයට අයත් ස්ථාවර ගිණුම්වල තැන්පත් කොට තිබීම පිළිබඳව මෙහිදි අවධානය යොමුව තිබේ.
එම කාර්යාංශය විසින් විගණන කමිටු රැස්වීම් පැවැත්වීම අවම වීම පිළිබඳවද කෝප් කමිටුවේ අවධානය යොමුව ඇති අතර ඒවා නිසි පරිදි පැවැත්විය යුතු බවට කෝප් කමිටුව විසින් අවධාරණය කළ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසීය.






















