Thursday, April 23, 2026
HomeNEWSLatest Newsවසර මිලියන 2ක් පැරණි හිස් කබලක්

වසර මිලියන 2ක් පැරණි හිස් කබලක්

වසර මිලියන 2ක් පැරණි හිස් කබලක්

තමන් විසින් වසර මිලියන 2ක් පැරණි හිස් කබලක් සොයාගත් බව දකුණු අප්‍රිකානු කලාපයක පුරාවිද්‍යාත්මක කැණීම් සිදුකරන ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසක් පවසයි.

එමගින් මානව වර්ගයාගේ පරිණාමය පිළිබඳ ව වැදගත් තොරතුරු රැසක් හෙළිවෙතැයි පැවසේ.

එම හිස්කබල පිරිමි “පැරැන්ත්‍රෝපස් රොබස්ටා” මානවයෙකුගේ බව සඳහන් වේ. හේ, නුතන මානවයාගේ ආසන්නතම මුතුන් මිත්තන් ලෙස සැලකෙන “හෝමෝ ඉරෙක්ටස්” ගේ ඥාතියෙකි.    

එම මානව විශේෂ දෙක එකම කාලයක ජීවත් වී ඇති අතර නමුත් “පැරැන්ත්‍රෝපස් රොබස්ටා” නම් මානව විශේෂය පළමුව වඳ වී ගොස් ඇත.

මෙම සොයාගැනීම ඉතා සුවිශේෂී බව ගවේෂණ කණ්ඩායම පවසයි.

මෙල්බර්න් “ලා ත්‍රොබ්” විශ්වවිද්‍යාලයේ ගවේෂකයින් පිරිසක් විසින් එම කොටස් සොයාගෙන ඇත්තේ ඩ්‍රයිමොලන් පුරාවිද්‍යාත්මක කැණීම් භූමියෙනි. එය ජොහැන්නස්බර්ග් නගරයට උතුරින් පිහිටයි.

මෙම හිස්කබල හමුවූ ස්ථානයට ආසන්නයේ තිබී 2015 දී “හෝමෝ ඉරෙක්ටස්” මානව දරුවෙකුගේ හිස් කබලක් ද සොයාගැනිණි. එම හිස්කබල ද වසර මිලියන 2ක් පමණ පැරණි බව සොයාගෙන තිබුණි.   

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

20/20 ක්‍රිකට් නායක දසුන් ශානකට තහනමක්

IPL තරගාවලියට එක්ව සිටින ශ්‍රි ලංකා 20/20 ක්‍රිකට් නායක දසුන් ශානක, ගිවිසුම් කොන්දේසි උල්ලංඝනය කර ඇති බව පවසමින් වසරක් PSL තරගාවලිය තහනම් කිරීමට පාකිස්තාන...

හෝමුස් හි බලය යළි ඉරානයට

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකා, ආරක්ෂක සහ පාරිසරික ආරක්ෂණ ගාස්තු ගෙවිය යුතු බව ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලය නිවේදනය කරයි. මේ අතර යුද්ධය...

කරන්දෙණියේ රාජු පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ

ඉන්දියාවේදී අත්අඩංගුවට පත්ව මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවකු වන 'කරන්දෙණියේ රාජු' නමැත්තාගෙන් පැය 72ක කාලයක් රඳවාගෙන ඉදිරි විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර...

ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි-නාමල්

ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි-නාමල් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම කැමැත්තෙන් පිළිගත්තත්, එය ප්‍රමාද වැඩි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img