ව්‍යාජ පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ තරුණයා අත්අඩංගුවට
ව්‍යාජ පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ මීටියාගොඩ ප්‍රදේශයේ 18 හැවිරිදි තරුණයෙකු අද (08) අත්අඩංගුවට ගත් බව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
“ජනාධිපති මාධ්‍ය අංශයේ ලිපි ශීර්ෂය යටතේ සහ අද දෙරණ මාධ්‍ය ජාලයේ ලාංඡනය (Logo) භාවිත කරමින් මුළු රටටම ඇඳිරීතීතිය ක්‍රියාත්ක වන බවට” එම සැකකරු විසින් ව්‍යාජ පුවතක් නිර්මාණය කර ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමට එක්කර තිබුණි.
එලෙස අත්අඩංගුවට ගත් තරුණයා හෙට (09) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
එම සැකකරුට විරුද්ධව ශ්‍රී ලංකාවේ දණ්ඩනීති සංග්‍රහය, පොලිස් ආඥා පනත සහ පරිඝණක අපරාධ පනතේ සඳහන් වැරදි සම්බන්ධයෙන් ඉදිරියේදී නඩු පැවරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය






















