Saturday, August 22, 2026
HomeNEWSවාමවාදී දේශපාලනයෙත් දක්ෂිණාංශික දේශපාලනයෙත් හොඳ ලක්ෂණ පමණක් අපි ලබා ගත යුතුයි -...

වාමවාදී දේශපාලනයෙත් දක්ෂිණාංශික දේශපාලනයෙත් හොඳ ලක්ෂණ පමණක් අපි ලබා ගත යුතුයි – විපක්ෂ නායක සජිත්

මෙරට කලා ක්ෂේත්‍රයට කීර්තිමත් සේවාවක් ඉටු කළ අද දින දැයෙන් සමුගන්නා ප්‍රවීන ගායන ශිල්පිනි නන්දා මාලිනී ගෞරවනීය කලාකාරිනියක් බවත්, මානව හිතවාදීත්වයෙන් යුක්තව තරුණයන් තාරුණ්‍ය වෙනුවෙන් දුක්කම්කටොලු අභියෝග ගැන මානව හිතවාදීව සිතා බලා පැකිලීමකින් තොරව සාමාන්‍ය ජනතාව වෙනුවෙන් ඇය නැගී සිටි බවත්, අභීත නායිකාවක් ලෙස නන්දා මාලිනී මහත්මිය හැඳින්විය හැකි බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඇය විශ්වාස කළ දේශපාලන මතවාදයක් ලෙස වාමාංශික දේශපාලනය පිළිගත් බවත්, ඒ වමට බර දේශපාලන සංකල්ප සේම දක්ෂිණාංශික සංකල්පවලද හොඳ ලක්ෂණ ඇති නිසා ඒ සියලු හොඳ ලක්ෂණ ගොනු කර මැද මාවතේ සමගි ජන බලවේගය යන බවත්, විපක්ෂ නායකවරයා සඳහන් කරනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ, සමගි ජන බලවේගය විසින් බුදු සසුනේ උන්නතිය උදෙසා ක්‍රියාත්මක සසුනට අරුණක් වැඩසටහන යටතේ පොළොන්නරුව ඇලැහැර අත්තනකඩවල ශ්‍රී පුන්‍යවර්ධනාරාම ප්‍රභාෂ්වර බුද්ධගයා මහා විහාරස්ථානයේ ඉදිවන විශාලතම භූමි ස්පර්ශ සියක් රියන් සමාධි ප්‍රතිමා වහන්සේගේ තීන්ත ආලේපනය කිරීම සඳහා රුපියල් ලක්ෂ 18ක් වටිනා තීන්ත ලබා දීමේ අවස්ථාව හා අද (22) එක්වෙමින්.

එසේම නන්දා මාලිනී මහත්මිය සිය ගීත තුළින් මානව සම්පත ශක්තිමත් කර මිනිස් ජීවිත සුරක්ෂිත කළ බවත්, එවන් ගායිකාවක් නැවත බිහි නොවන බවත්, ඇය කුමන මතයක් දැරුවත් ඒ මතවල ඇති වැදගත්කම හඳුනාගෙන කලා හා සංගීත ක්ෂේත්‍රයට සේම හඬක් නැති ජනතාවට ඇය හඬක් වී තරුණයන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිම ගරු කොට අගය කොට සැලකිය යුතු බවත්, ඔහු පවසනවා.

අද මේ කරන ලක්ෂ 18ක තීන්ත පරිත්‍යාගයෙන් යම් පිනක් ඇත්නම් ඒ පින ද ඇයට අනුමෝදම් වේවා කියා ප්‍රාර්ථනා කරන බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

එමෙන්ම ගොවි ජනතාව ගැන කතා කරන විට සමගි ජන බලවේගය පුනපුනාම ගොවි ජනතාව හා ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි බවත්, රජය මැතිවරණ සමයේ ගොවි ජනතාව වෙනුවෙන් කරනවා කියු දේවල් අදටත් මතක් කරන්නේ සමගි ජන බලවේගය බවත්, හෙතෙම පැවසුවා.

අද වන විට ⁣රජය ගොවිජනතාවට පොරොන්දු වුණු කිසි දෙයක් ඉටු කර නැති බවත් වී කිලෝවට රුපියල් 150ක් දෙනවා කියා ගොයම් කකා කිව්වත් අද දෙන්නේ රුපියල් 120ක සහතික මිල බවත්, වී කිලෝවක් නිෂ්පාදනයට රුපියල් 137ක් වැය වුවත් හිතාමතාව ගොවියාට වී කිලෝවකින් රුපියල් 17ක් පාඩු කර ඇති බවත්, විපක්ෂ නායකවරයා සඳහන් කළා.

අමුලික බොරු කිය කියා ගොවි ජනතාව රැවටු බවත්. ඡන්දය ගන්න කියපු දේවල් ඉටු කළ යුතු බවත්, කයිවාරුව පසෙකලා වී ගොවියාට කරනවා කිව්ව දේවල් කළ යුතු බවත්, ඔහු පැවසුවා.

එසේම ලක්ෂ 21ගොවි පවුල් 2019ත් 2024ත් රැවටුණු බවත්, දැන්වත් නිහඬ ප්‍රේක්ෂකයන් ලෙස බලා නොසිට ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් ගොවි අයිතිය වෙනුවෙන් හඬ නගන්න ප්‍රජාතන්ත්‍රවාදීව සාමකාමීව මහපාරට බහින ලෙස ඉල්ලා සිටින බවත්, විපක්ෂ නායකවරයා සඳහන් කළා.

ගොවි ජනතාවට සාධාරණයක් කරන ගොවි ජන ප්‍රඥප්තියක් සමගි ජන බලවේගය එළි දක්වා ආහාර සුරක්ෂිතභාවය වෙනුවෙන් ගොවි ජනතාව රැකගන්න කතාවෙන් මෙන්ම ක්‍රියාවෙන්ද සූදානම් බවත් විපක්ෂ නායකවරයා පැවසුවා.

ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් වෙනුවෙන් සහන සලසන්න වෙන් කළ රුපියල් මිලියන 7,500 ප්‍රමාණවත් නොමැති බවත්, බොහෝ මෝල් හිමියන් අසාධු ලේඛනගත වී ඇති බවත්, මොවුන්ට වෙන් කළ මුදල් ප්‍රමාණවත් නැති බවත්, දැන්වත් ගොවියා වෙනුවෙන් දුන් පොරොන්දු ඉටු කරන ලෙස යෝජනා කරන බවත්, විපක්ෂ නායකවරයා සඳහන් කළා.

ඉදිරියේ දී ඇති විය හැකි තවත් බරපතළ තත්ත්වයක් ගැන ජනතාව දැනුවත් විය යුතු බවත්, ජාත්‍යන්තර කාලගුණ වාර්තාවට අනුව එල්නීනෝ ලානීනා තත්ත්වය ඉතිහාසයේ වෙන කිසිදු දවසක ක්‍රියාත්මක නොවූ ආකාරයට කාලගුණ දේශගුණික තත්ත්වයක් විය හැකි බවට අනාවැකි පළ කර ඇති බවත්, අප රටේ කාලගුණ ක්ෂේත්‍රයේ විශේෂඥයන් ද මේ තත්ත්වය බරපතළ ලෙස ක්‍රියාත්මක විය හැකි බවට ද අනතුර අඟවා ඇති බවයි විපක්ෂ නායකවරයා පැවසුවේ.

මෙරට දසලක්ෂ ගණනක් ජනතාව දුප්පත්කම නැතිබැරිකම නිසා ණයබ⁣රතාව නිසා දැවැන්ත සාගින්නකට මුහුණ දිය හැකි බවට ද ජාත්‍යන්තර ආයතනයක් අනතුරු අඟවා ඇති බවත්, එල්නීනෝ ලානීනා තත්ත්වය තුළ රටේ ජනතාවට සෘණාත්මක අගතිගාමි බලපැමක් විය හැකි බවට අනතුරු අඟවා ඇති නිසා රජයට එය මගහැර යා නොහැකි බවත්, විශේෂිත වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු බවත්, විපක්ෂ නායකවරයා සඳහන් කළා.

එසේම රජයත් සමග එකට එකතු වී සිවිල් ප්‍රජාව පුරවැසියන් එකට මුහුණ දෙන වැඩපිළිවෙළ ඒකාබද්ධව සැලසුමක් ලෙස කටයුතු කළ යුතු බවත්, පක්ෂ දේශපාලනයට වඩා මිනිස් ජීවිත වැදගත් බවත්, ඔහු පැවසුවා.

වාරි, කෘෂිකර්ම මහවැලි සෞඛ්‍ය අධ්‍යාපන ඇතුළු සියලු ආයතන එකට එකතු කර සම්බන්ධීකරණය කර මේ භයංකාර තත්ත්වයට මුහුණ දිය යුතු බවත්, මේ සඳහා ජාතික වැඩපිළිවෙළක් අවශ්‍ය අතර, දේශගුණික විපර්යාස පාර්ලිමේන්තු සංසදය මේ ගැන විශේෂ අවධානයක් යොමු කර ඇති බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අර්චුනා රාමනාදන් සිය වසර දෙකක පාර්ලිමේන්තු ජීවිතයට සමු දෙමින් අවසාන කතාවෙන් සභාව අමතයි.

හිටපු අගවිනිසුරු ගියාම කෝදාගොඩ කපලා එක්ස්ප්‍රස් පර්ල් නඩුව නැවත අහනවා... ඩොලර් මිලියන දාහේ වන්දිය ඩොලර් මිලියනේට බස්සනවා... දිමුතු සූරසේන කොළඹ හතෙන් මිලියන185ක මන්දිරයක් ගන්නවා...!...

ඉම්රාන් ඛාන්ට නිදහස ඉල්ලා පාකිස්ථානය පුරා දැවැන්ත පාගමනක සූදානමක්

බන්ධනාගාරගත කර සිටින හිටපු පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නිදහස් වුවද, ඔහු නැවත හමුදාව හෝ හමුදාපති අසීම් මුනීර් සමඟ ගැටුමකට නොයන බව ඔහුගේ ප්‍රධාන උපදේශකයෙකු...

ධීවරයින්ට සහ නාවිකයින්ට කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්

කන්කසන්තුරය සිට මන්නාරම හරහා හලාවත දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 50-60 දක්වා...

සුගීෂ්වර බණ්ඩාර බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරේ

බන්ධනාගාරගතව සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ. ඒ, ඔහුගේ පාදයේ ඇති තුවාල තත්ත්වයක් වර්ධනයවීමත්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img