Tuesday, November 10, 2026
HomeNEWSවායු රයිෆල් අතැතිව සිදුකළ මනෝවිද්‍යාත්මක වැඩසටහන

වායු රයිෆල් අතැතිව සිදුකළ මනෝවිද්‍යාත්මක වැඩසටහන

හාලිඇළ පොලිස් වසමේ විද්‍යාලයක දරු දැරියන් පිරිසකට අනවසර මනෝවිද්‍යාත්මක වැඩසටහනක් පවත්වන බවට පොලීසියට තොරතුරු ලැබී තිබේ.

ඒ සඳහා පැමිණි උපදේශකවරයා කළු පැහැති ඇඳුමින් සැරසුණු පුද්ගලික ආරක්ෂකයින් පිරිසක් සමග සිටි අයෙක් බවටත් ඔවුන් ගමන්කථන සහ ගිනි අවියක් තබාගෙන සිටි බවටත් පොලීසියට තොරතුරු ලැබී ඇත.

පසුව හාලිඇළ පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් අදාළ පාසල වෙත ගොස් විමර්ශන ආරම්භ කර තිබේ.

එහිදී වැඩසටහන සඳහා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ හෝ කළාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ අනුමැතිය ලබාගෙන නොමැති බවට අනාවරණය වී ඇත.

එම වැඩසටහන මෙහෙයවන ලද උපදේශකවරයා කිසිදු ලියාපදිංචි ආයතනයක හෝ එලෙස වැඩසටහන් පැවැත්වීම සඳහා සුදුසුකම් ලද්දෙකු නොවන බවට ද තහවුරු වී තිබේ.

එම උපදේශකවරයා සමග පැමිණි ආරක්ෂකයින් තිදෙනා සන්තකයේ තිබී ගමන්කථන 3ක් වායු රයිෆලයක් සහ වායු රයිෆලයට භාවිත කරනු ලබන පතරොම් 129ක් මෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් ඉහත සැකකරුවන් සිව්දෙනා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 36,24,23 හා 30 යන වයස්වල පසුවන හලාවත, රත්මලාන හා මීගමුව යන ප්‍රදේශවල පසුවන පදිංචිකරුවන් වේ.

පාසල් ළමුන් පිළිබඳ කටයුතු කිරීමේදී මෙවැනි නොදන්නා පුද්ගලයින් මෙන්ම පාසලට නොගැළපෙන ආකාරයේ පුද්ගලයින් පාසල තුළට කැඳවා ගැනීමෙන් වළකින ලෙස ද අදාළ නිලධාරින්ගෙන් පොලීසිය ඉල්ලීමක් කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (02) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

හාලිඇළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ. නොවැම්බර් 09 සිට 14 දක්වා විශේෂ ඩෙංගු මර්දන සතියක්. ඩෙංගු මර්දන මෙහෙයුම් සහ සම්බන්ධීකරණ කටයුතු විධිමත්ව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img