වැඩබලන පොලිස්පති කොමිසමට පැමිණේ
වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසමට පැමිණි බව අප වාර්තාකරු පැවසීය.
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහගේ මහතාගේ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඒ මහතා කොමිසම හමුවට පැමිණ තිබේ.
මේ අතර, යහපාලන රජයේ සිටි මැති ඇමතිවරුන් කිහිපදෙනෙකු දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිශන් සභාව හමුවේ අද (24) දිනයේ පෙනී සිටීමට නියමිතව තිබේ.






















