Tuesday, November 10, 2026
HomeNEWSවැඩිකළ සමෘද්ධිය බෙදා දීම ඇරඹේ

වැඩිකළ සමෘද්ධිය බෙදා දීම ඇරඹේ

සියයට 28කින් ඉහළ නැංවූ සමෘද්ධි දීමනාව ප්‍රතිලාභීන් වෙත බෙදා දීම අද (14) ආරම්භ කෙරුණි.

ඒ අනුව 2022 වසර සඳහා සමෘද්ධි සහනාධාරය වෙනුවෙන් රජය වෙන්කරන ලද මුළු මුදල රුපියල් මිලියන හැට පන් දහසක් වේ.

මෙරට පවුල් ඒකක දාහත් ලක්ෂ හැට හත් දහසක් (1,767,000) මේ වන විට සමෘද්ධි දීමනාව ලබමින් සිටී.

රජය පසුගියදා තීරණය කළේ එම සමෘද්ධි දීමනාව මෙම මාසයේ සිට 28% කින් ඉහළ දැමිමටය.

ඒ අනුව මෙතෙක් රුපියල් 3,500ක දීමනාවක් ලබාගත් පවුලකට අතිරේක රුපියල් දහසක් හිමි වේ.

ඒ සමග එම පවුල් ඒකකයට අද පටන් ලැබෙන මුදල රුපියල් 4,500කි.

මේ දක්වා රුපියල් 2,500ක දීමනාවක් ලබාගත් පවුල් ඒකකය ට අද සිට අතිරේක රුපියල් 700ක මුදලක් හිමිවන අතර එනම් රුපියල් 2,500ක සමෘද්ධි දීමනාව රුපියල් 3,200ක් දක්වා ඉහළ යනු ඇති.

එමෙන්ම මෙතෙක් රුපියල් 1,500ක දීමනාවකට හිමිකම් කියූ පවුල් ඒකකයට අද සිට තවත් රුපියල් 400ක මුදලක් හිමි වේ.

ඒ අනුව එවැනි පවුලකට ඉදිරියට ලැබෙන දීමනාව රුපියල් 1,900කි.

වැඩි කෙරුණු සමෘද්ධි දීමනාව බෙදා දීමේ ජාතික උත්සවය අද පැවැත්වුණේ බදුල්ල, මඩොල්සිම ප්‍රදේශයේදීය.

සෙසු ප්‍රදේශවල සමෘද්ධි බැංකු හා ග්‍රාම නිලධාරී කාර්යාල හරහාත් දීමනාව බෙදා දීම සිදු විය.

සමෘද්ධි දීමනාව මෙලෙස ඉහළ දැමීමත් සමග රජයට වෙන් කිරීමට සිදුවන අමතර මුදල රුපියල් මිලියන 15,000කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කොළඹ මුළු කානු පද්ධතියම පසුගිය වසර 2ක තුළ පිරිසිදු කර නඩත්තු කරලා නෑ-පාඨලී

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අද (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී...

2026 පොපි මල් දින සැමරුම අග්‍රාමාත්‍යතුමියගේ සහභාගීත්වයෙන්

​2026 පොපි මල් දින සැමරුම අග්‍රාමාත්‍යතුමියගේ සහභාගීත්වයෙන්. ​2026 පොපි මල් දින සැමරුම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් නොවැම්බර් 08 වන දින කොළඹ විහාරමහාදේවි උද්‍යාන පරිශ්‍රයේ...

කොළඹ ගං වතුරෙන් ජනතාවට වුණු පාඩුවට ආණ්ඩුවෙන් වහාම වන්දි ලබාදිය යුතුයි-ගම්මන්පිල

2026 නොවැම්බර් 9 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් ඉතිහාසයේ කිසිම දිනක නොවුණු අයුරින් පසුගිය සිකුරාදා, ඒ...

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අනුස්මරණ ගුවන් හමුදා රෝහල නව පරිපාලනයක් සමග සේවා සැපයීම ඇරඹේ.

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අනුස්මරණ ගුවන් හමුදා රෝහල නව පරිපාලනයක් සමග සේවා සැපයීම ඇරඹේ. ඌණ-උපයෝජිත රාජ්‍ය දේපළ මහජන යහපත උදෙසා යොදාගැනීමේ ජාතික වැඩපිළිවෙළට මෙය කදිම නිදසුනක්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img