Friday, November 6, 2026
HomeNEWSවැසි සමයත් සමඟ සීග්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙංගු පාලනයට විශේෂ වැඩසටහනක් .

වැසි සමයත් සමඟ සීග්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙංගු පාලනයට විශේෂ වැඩසටහනක් .

වැසි සමයත් සමඟ සීග්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙංගු පාලනයට විශේෂ වැඩසටහනක් වැසි සමයත් සමඟ මේ වන විට ඩෙංගු රෝගීන්ගේ සීග්‍ර වර්ධනයක් සිදු වෙමින් පවතින අතර මෙම තත්ත්වය පාලනය කිරිම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා අදාළ අංශ වෙත උපදෙස් දුන්නේය. ජාතික ඩෙංගු මර්දන ඒකකය සමඟ සාකච්ඡාවක් සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) ජනාධිපති කාර්‍යාලයේදී පැවැත්වණු අතර එහිදී සාගල රත්නායක මහතා මෙම උපදෙස් ලබා දුන්නේය. කොළඹ, ගම්පහ, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කයන්හි ඩෙංගු රෝගීන්ගේ වැඩි වර්ධනයක් සිදුව ඇති බව ද මෙහිදී අනාවරණය කෙරුණු අතර රාජ්‍ය ආයතන, බෝට්ටු අංගන, පාසල්, ඇතුළු පොදු ස්ථානවල වාහක අභිජනනය වැඩි වී ඇති බව නිරීක්ෂණය වී ඇති බවද සඳහන් කෙරිණි. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේ ද සහය ඇතිව කඩිනම් ක්‍රියාමාර්ගවලට එළැඹෙන ලෙස සාගල රත්නායක මහතා ශ්‍රී ලංකා පොලීසිය වෙත උපදෙස් දුන්නේය. රෝග ව්‍යාප්තිය පාලනය කර ගැනීමට ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ රාජ්‍ය ආයතන දැනුවත් කරමින් ජනාධිපති කාර්යාලය මඟින් ලිපියක් නිකුත් කිරීමට ද මෙහිදී තීරණය කෙරිණි. එසේම ශ්‍රී ලංකා පොලීසිය සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල එක්ව මේ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ පුළුල් වැඩසටහනක් දීපව්‍යාප්තව ක්‍රියාත්මක කරන ලෙස ද සාගල රත්නායක මහතා උපදෙස් දුන්නේය. මෙම කටයුතුවල ප්‍රගතිය විමසා බැලීම සඳහා එළැඹෙන සඳුදා ඩෙංගු මර්ධන ඒකකය නැවත රැස්වීමටද තීරණය කෙරිණි. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරු සහ සෞඛ්‍ය අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යාංශය හා කොළඹ මහනගර සභාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ. ජනාධිපති මාධ්‍ය අංශය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විධායකය, ව්‍යවස්ථාදායකයට අනිසි අත පෙවීම් කරනවා – විපක්ෂ නායක සජිත්

කතානායකවරයාගේ විශ්වාසභංගයේ වගන්ති වෙනස් කරන්න කළ බලපෑම විධායකය ව්‍යවස්ථාදායකයට කරන අනිසි අත පෙවීමක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තමා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු...

අග්‍රාමාත්‍යතුමිය පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ 2026 විධායක සැසියට සහභාගී වෙයි

අග්‍රාමාත්‍යතුමිය පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ 2026 විධායක සැසියට සහභාගී වෙයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  2026 නොවැම්බර් 03 වන දින ඇන්ටිගුවා සහ බාබියුඩාහිදී පැවති පොදුරාජ්‍ය...

රටට වැඩක් කරන්න පුළුවන් එකම එක මුස්ලිම් නායකයෙක්වත් මාලිමා ආණ්ඩුවට නැහැ- ෂිරාස් යුනුස්

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් බවත් එම සිංහල බෞද්ධකම මගින් අනෙකුත් ජාතීන්ට සහ ආගම්වලට රැකවරණය හිමිවන බවත් නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ෂිරාස් යුනුස්...

නුවරඑළිය තැපැල් කාර්යාලය සංරක්ෂණය කිරීම ජාතික වැදගත්කමකින් යුත් කාර්යභාරයක් – අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

නුවරඑළිය ඓතිහාසික තැපැල් කාර්යාලය සංරක්ෂණය කිරීම හුදෙක් පැරණි ගොඩනැගිල්ලක් ප්‍රතිසංස්කරණය කිරීමක් නොව, ජාතික වැදගත්කමකින් යුත් කාර්යභාරයක් – අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස රුපියල් මිලියන 78.34ක වියදමින්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img