සමන්තුරෙයි, නෙයිනකාඩු ප්රදේශයේ දී විදුලිසැර වැදී එකම පවුලේ දරුවන් දෙදෙනෙක් මියගොස් තිබේ.
පොලීසිය පැවසුවේ අනවසරයෙන් ඇද තිබු විදුලි රැහැනක පැටලීමෙන් දරුවන් දෙදෙනා මියගොස් ඇති බවය.
එම දරුවන් දෙදෙනා ප්රදේශයේ වත්තක දර කැඩීම සඳහා ගොස් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.
මියගොස් ඇත්තේ 13 හැවිරිදි ළමුන් දෙදෙනෙකි.
සමන්තුරෙයි පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.






















